කොවිඩ් නිල වාර්තාත් අද ඉහළ ම අගයක ; මරණ 186 යි ; ආසාදිතයින් 3793 යි

කොවිඩ් සම්බන්ධයෙන් රජය නිතිපතා නිකුත්කරන විවාදාත්මක නිල වාර්තා අනුව ද එක දිනෙක ඉහළ ම මරණ සංඛ්‍යාව සහ ඉහළ ම ආසාදිත සංඛ්‍යාව අද වාර්තා කළේ ය . ඒ මරණ 186 ක් සහ නව ආසාදිතයින් 3793 ක් වශයෙනි.
මෙම සංඛ්‍යා අනුව මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව නිල වශයෙන් සටහන් වන්නේ 6,790 ක් වශයෙනි.
මෙරටින් හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 373,136 ක් වශයෙන් සටහන් වෙයි.
මෙලෙස දිනපතා නිකුත් කරන දත්ත වාර්තා වැරදි බව දැන් තහවුරු වී ඇති අතර ආණ්ඩුවේ පක්ෂ 10 ක් අද ජනාධිපතිවරයා වෙත යවන ලද ලිපියේ ඉල්ලා තිබුණේ මෙම දත්ත වෙනස් කරන නිලධාරීන්ට එරෙහිව පියවර ගන්නා ලෙස යි.
කෙසේ වෙතත්, සෞඛ්‍ය සේවා අංශ කියන්නේ දේශපාලන අධිකාරියේ මෙහෙයවීමකින් තොරව නිලධාරීන් මෙබඳු වරදක් සිදු නොකරනු ඇති බව යි.
