ජනතාව රට වැසීම වළක්වන්න පොහොට්ටු දේශපාලඥයන්ගෙන් තර්ජන ; ජොන්ස්ටන් පෙරමුණේ

රට පුරා කොවිඩ් ආසාදිතයින් සහ මරණ වාර්තා වෙමින් තිබිය දී ආණ්ඩුව රට නොවසන තත්ත්වයක් තුල තම තමන්ගේ නගර වැසීමට වෙළෙඳ සංගම් සහ ජනතාව ගන්න උත්සාහය වැළක්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන ඇතැම් දේශපාලඥයන් තර්ජන එල්ල කරමින් සිටින බව වාර්තා වෙයි.

නගර වැසීම ආර්ථිකය කඩා කප්පල් කිරීමේ විපක්ෂ කුමන්ත්‍රණයක් බව කියමින් ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමතිවරයා නගර නොවසන සේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ නගර ගණනාවක වෙළෙඳ සංගම් වලට බලපෑම් කරමින් සිටින බව අපගේ ආරංචි මාර්ග කියයි. කෙසේ වෙතත්, අලව්ව, දිවුලපිටිය, වෙන්නප්පුව ඇතුළු නගර ගණනාවක් දේශපාලන බලපෑම් නොතකා මේ වනවිට වසා දම ඇත. තවත් නගර ගණනාවක් ඉදිරි දිනවල වසා දැමීමට සාකච්ඡා කරමින් සිටියි.

කෑගල්ල නගරය  වසා දැමීමට එහි වෙළෙඳ සංගමය ගත්  තීරණය ක්‍රියාත්මක නොකරන ලෙස එහි නගරාධිපතිවරයා දැනුම් දී ඇති බව වාර්තා වෙයි. නගරාධිපතිගේ බලපෑමට ප්‍රතිචාර දැක්වීම ගැන මේ වනවිට එම වෙළෙඳ සංගමය සාකච්ඡා කරමින් සිටිනබවවර්ත වෙයි.

දිස්ත්‍රික් ගණනාවක නගර වැසීමේ දී මෙබඳු තජන එල්ල වී ඇති නමුත් බොහෝ වෙළෙඳ සංගම් තම නගර වසා දැමීමට කටයුතු කොට ඇත.

මේ වනවිට සෞඛ්‍ය වෘත්තිය සමිති ප්‍රකාශ කොට ඇත්තේ ආණ්ඩුව රට නොවසන්නේ නම් ලබන සතියේ රට වස දැමීමට තමන් පියවර ගන්නා බවයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *