අනුෂ පැල්පිටගේ වැඩ තහනම්

යුක්තිය මගින් ඊයේ මුල්වරට හෙලිකල පරිදි පරිපාලන සේවා නිලධාරී අනුෂ පැල්පිට මහතාගේ වැඩ තහනම් කිරීමට රාජ්‍ය සේවා කොමිසන් සභාව ඊයෙම කටයුතු කළේය . ඒ සමගම  වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යංශයේ අතිරේක ලේකම් තනතුරක් සඳහා පත් කොට සිටි කිත්සිරි රණවක මහතාගේ ද වැඩ  තහනම් කර තිබේ. මහින්ද රාජපක්ෂ පාලන සමයේ ඔවුන් රජයේ විවිධ තනතුරු දරමින්…

අනුෂ පැල්පිටගේ වැඩ තහනම් කරන්න තීන්දුයි !

විදුලි සංදේශ නියාමන කොමිසන් සභාවේ සභාපතිව සිටියදී කළ දුෂණ ක්‍රියා සම්බන්දයෙන් නඩු පැවරීමට ලක්ව සිටියද මෙතෙක් පරිපාලන සේවයේ සිටි අනුෂ පැල්පිට මහතාගේ වැඩ තහනම් කිරීමට රාජ්‍ය සේවා කොමිසන් සභාව තීරණය කොට ඇති බව තතුදත් ආරංචිමාර්ග මගින් යුක්තියට දැනගන්නට ඇත . මෙම වැඩ තහනම අද සිටම ක්‍රියාත්මක කරනු ඇති බවද අපගේ ආරංචි මාර්ග කියයි . මෙම…

නව ව්‍යවස්ථාව සඳහා මහජන අදහස් අගමැතිට බාරදීම හෙට

නව ව්‍යවථාවක් සඳහා මහජන අදහස් විමසීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පත් කළ කමිටුවේ වාර්තාව හෙට සවස 6.30ට අරළියගහ මන්දිරයේදී අගමැතිවරයාට බාරදීමට නියමිත බව කොමිසමේ සභාපති ලාල් විජේනායක මහතා යුක්තියට වාර්තා කළේ ය. පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථා සභාවට භාරදිම සඳහා එම කමිටු වාර්තාව ජූනි මස 1 වෙනිදා හෙවත් අනිද්දා පෙරවරුවේ පාර්ලිමේන්තුවේ දී කථානායකවරයාට භාරදිමෙන් අනතුරුව එදිනම මහජනතාවට…

නැ. මහ ඇමතිගේ හැසිරීම අශිෂ්ට වන අතර ම පලාත් සභාවේ බලයට ද අභියෝග කිරීමක් – ගාමිණි වියන්ගොඩ

සාම්පූර් ප්‍රදේශයේ පාසලක විද්‍යාගාරයක් විවෘත කිරීමේ උත්සවයේ දී එම පලාතේ නාවික හමුදා නිලධාරියා සමග ඇති වූ ආරවුලේ දී නැගෙනහිර පලාත් මහ ඇමතිවරයා හැසිරුණු ආකාරය කිසිසේත්ම අනුමත අනුමත කළ නොහැකි බව පුරවැසි පෙරමුණේ සම කැදවුම්කරු වන ගාමිණී වියන්ගොඩ මහතා යුක්තියට පැවසී ය. වියන්ගොඩ මහතා යුක්තියට දැක්වූ ආකාරයට, විදේශ තානාපතිවරයෙකු හා පාසැල් දරුවන් පමණක් නොව කැමරාවක් තමා…

දුෂණ , මිනීමැරුම් පරීක්ෂණ නවතා දමන්නේ නම් “ඒකාබද්ද විපක්ෂය ” කඩේ වහන්න ලෑස්තියි !

රාජපක්ෂ පවුලේ උදවියට හා ඒකාබද්ද විපක්ෂයේ අයට එල්ල වී ඇති දුෂණ හා මිනීමැරුම් ගැන කෙරෙන පරීක්ෂණ නවතා දැමීමේ පොරොන්දුව මත ජනාධිපත් මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දීමට කැමති බව ඒකාබද්ද විපක්ෂයේ ප්‍රබලයින් දැනුම් දී ඇති බව අපගේ ආරංචි මාර්ග කියයි . එම එකගතාව ඇතිකර ගැනීම සදහා  ආණ්ඩුවේ ප්‍රබල ඇමති පිරිසක් සමග මේ වනවිට සාකච්චා කොට ඇති…

ඩිලාන් හා එස්.බී.ගේ කථා පිටුපස ඇති දේශපාලන කුමන්ත්‍රණය මෙන්න !

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ යෝජනා ඉදිරිපත් කිරීමට පත්කළ කමිටු වාර්තාවට අනුව ජනාධිපති ක්‍රමය අහෝසි නොකළයුතු බවට ඩිලාන් පෙරේරා මාධ්‍යට කළ ප්‍රකාශය හා ජනාධිපති සිරිසේන මහතාගෙන් තමා කළ ඉල්ලීමකට අනුව රාජපක්ෂ පවුලේ දෙදෙනෙකු අත්අඩංගුවට නොගත් බවට එස්. බී. දිසානායක කළ ප්‍රකාශය පිටුපස දේශපාලන කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව යුක්තියට වාර්තා වේ. පලාත් සභාවලට…

“තාජුඩීන් ඝාතනයේ ගොනුව වසාදමන්න හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක නියෝග කළා”

පොලිස්පතිතුමා වෙත යොමු කළ යුතු ලේඛන පවා තමාවෙත යොමු කරන ලෙසට බලපෑම් කළ බස්නාහිර පළාත් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා රගර් ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුඩීන්ගේ ඝාතනයට අදාළ මාරක රිය අනතුරු ගොනුව වසා දැමීමට නියෝග කළේ යැයි විශ්‍රාමික සහකාර පොලිස් අධිකාරි කෝරලේවත්ත ගමරාලලාගේ ධර්මවර්ධන මහතා රහස් පොලිසියට ප්‍රකාශයක් කරමින් සඳහන් කර ඇති බවට රහස්…

රාජපක්ෂ ගෝලයෙකුගේ නිවසින් කිලෝවකට වැඩි රන් බිස්කට් මතුවෙයි

කාල්ටන් ස්පෝට් රග්බි සෙවන්ස් තරඟාවලියේ සංවිධායකවරයෙකු මෙන්ම නිල් බලකායේ සංවිධායකයෙකු   වන චම්පික කරුණාරත්න මහතාගේ බොරලැස්ගමුවේ නිවසින් රත්‍රන් කිලෝ එකයි ග්‍රෑම් 106ක් බරැති රන් බිස්කට 10 හමු වී ඇති බව වාර්තා වේ. ඔහු සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත ලැබී ඇති පැමිණිල්ලක් සම්බන්ධයෙන් සිදු කරණ විමර්ශනවලට අදාළව එම කොට්ඨාශය විසින් ඔහුගේ නිවස පරීක්ෂා කිරීමේදී…

රජයේ ආයතනවල හොරකම් විගණකාධිපතිගේ වෙබ් අඩවියේ

සියලු රාජ්‍ය ආයතනවල දුෂණ ,වංචා සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් සදහන් වන විගණන වාර්තා සියල්ල විගණකාධිපති දෙපාර්තුමේන්තු වෙබ් අඩවියේ පල කිරීමට විගනකධිපතිවරයා කටයුතු කොට ඇත . මෙතෙක් කලක් සිදුවුයේ ඒවා අදාළ ආයතනවල වගකිවයුත්තන්ට යැවීමයි . එසේ වුවද බොහෝ විට සිදුවුයේ එම වාර්තා යට ගසා පුරුදු පරිදි කටයුතු කරගෙන යාමයි . බොහෝ ආයතන ප්‍රධානීන් විගණන විමසුම් වලට පිළිතුරු…

විපතට පත් රජයේ සේවකයන්ට මාස තුනක වැටුප එකවර

පසුගිය දා ඇති වූ ස්වභාවික අපදාවන් නිසා විපතට පත් රජයේ සේවකයන්ට මාස 3 ක වැටුප පොලී රහිත ණයක් වශයෙන් එකවර ලබාදීමට රජය තීරණය කර ඇත. එම සහනය ලබා ගැනීමට කැමති රජයේ සේවකයන් විසින් තමන් විපතට පත් වූ අයෙක් බවට ග‍්‍රාම නිලධාරි මහතා මගින් තහවුරු කර, තමා සේවය කරන ආයතන ප‍්‍රධානියා වෙත ඉල්ලූම් පත‍්‍රයක් ඉදිරිපත් යුතුය….

තාජුඩීන් මිතුරන්ගේ බැංකු ගිණුම් විස්තර සී.අයි.ඩී.යට දෙන්නයි ආයතන 15කට නියෝග

රගර් කී‍්‍රඩක මොහොමඞ් වසීම් තාජුඩීන්ගේ මරණයට අදාළව ඔහුගේ මිතුරා ඇතුළු පුද්ගලයින් 6 දෙනෙකුගේ බැංකු ගිණුම් විස්තර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබා දෙන ලෙස කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් නිශාන්ත පීරිස් මහතා මූල්‍ය ආයතන 15ක කළමණාකරුවන් වෙත නියෝගයක් නිකුත් කර ඇත. මෙම විමර්ශනයට අදාළව එම පුද්ගලයිනගේ බැංකු ගිණුම් සම්බන්ධයෙන් වාර්තා අවශ්‍යව ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයෙන් කරන…

වසර හතරක ආණ්ඩුවේ සංවර්ධන උපායමාර්ගික සැලසුම ලබන මාසයේ එයි

ඉදිරි වසර හතරක කාලය සදහා ආණ්ඩුවේ සංවර්ධන උපයමර්ගික සැලසුම මේ වනවිට සකස්කර අවසන් බවත් එය ලබන මාසයේ ඉදිරිපත් කිරීමට හැකිවන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ ප්‍රකාශ කළේය ජාතික ආණ්ඩුවක් වශයෙන් සියලු පක්ෂ එකට එක් වි පිහිටුවනු ලබන තිරසාර සංවර්ධන යොජනාවලියක් මඟින් මෙරට සංවර්ධනය සිදු කිරීමේ මහඟු කාර්යය ඉ‍ටු කරන බවත් එහි  යන්ත්‍රණය වන තිරසාර…