දුෂණ , මිනීමැරුම් පරීක්ෂණ නවතා දමන්නේ නම් “ඒකාබද්ද විපක්ෂය ” කඩේ වහන්න ලෑස්තියි !
රාජපක්ෂ පවුලේ උදවියට හා ඒකාබද්ද විපක්ෂයේ අයට එල්ල වී ඇති දුෂණ හා මිනීමැරුම් ගැන කෙරෙන පරීක්ෂණ නවතා දැමීමේ පොරොන්දුව මත ජනාධිපත් මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දීමට කැමති බව ඒකාබද්ද විපක්ෂයේ ප්‍රබලයින් දැනුම් දී ඇති බව අපගේ ආරංචි මාර්ග කියයි . එම එකගතාව ඇතිකර ගැනීම සදහා ආණ්ඩුවේ ප්‍රබල ඇමති පිරිසක් සමග මේ වනවිට සාකච්චා කොට ඇති බවත් දෙපාර්ශවය අතර මතුපිටින් ඇතිකර ගන්න ගිවිසුමක් සදහා යෝජනා සකස් කර ඇති බවත් වාර්තා වෙයි .
ජනාධිපති ක්‍රමය අහෝසි නොකර මෛත්‍රිපාල සිරිසේන මහතාගේ බලය දිගටම පවත්වා ගැනීමටත් 2020 මැතිවරණයේ දීද නැවතත් සිරිසේන මහතා ජනාධිපති කිරීමටත් තම සහය ලබාදෙන බව ද ඒකාබද්ද විපක්ෂය පොරොන්දු වීඇති බව ද අපගේ ආරංචි මාර්ග කියයි .
