අනුෂ පැල්පිටගේ වැඩ තහනම් කරන්න තීන්දුයි !

විදුලි සංදේශ නියාමන කොමිසන් සභාවේ සභාපතිව සිටියදී කළ දුෂණ ක්‍රියා සම්බන්දයෙන් නඩු පැවරීමට ලක්ව සිටියද මෙතෙක් පරිපාලන සේවයේ සිටි අනුෂ පැල්පිට මහතාගේ වැඩ තහනම් කිරීමට රාජ්‍ය සේවා කොමිසන් සභාව තීරණය කොට ඇති බව තතුදත් ආරංචිමාර්ග මගින් යුක්තියට දැනගන්නට ඇත . මෙම වැඩ තහනම අද සිටම ක්‍රියාත්මක කරනු ඇති බවද අපගේ ආරංචි මාර්ග කියයි .

මෙම නිලධාරියාගේ වැඩ තහනම් නොකිරීම පිලිබඳ ප්‍රශ්නය ජනමාධ්‍ය හා වෙබ් අඩවි මගින් මතුකරන ලද්දේ ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ අතිරේක ලේකම් තනතුරකට ඔහුව පත්කොට ඇති බව වාර්තා වීමත් සමගය . කෙසේ වෙතත් ස්වදේශ කටයුතු ඇමති වජිර අබේවර්ධන මහතා කියන්නේ ගංවතුර සහන කටයුතු සදහා අතිරේක නිලධාරීන් ඉල්ලු විට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය විසින් අනුෂ පැල්පිට මහතා තාවකාලිකව තම අමාත්‍යංශයට අනුයුක්ත කල බවයි . ඔහු තව දුරටත් තම අමාත්‍යංශයේ සේවයේ නොමැති බවද ඇමතිවරයා කියයි .

පසුගිය කාලයේ විවිධ චෝදනාවන්ට ලක්වූ රාජ්‍ය සේවා නිලධාරීන් ගණනාවක් තවමත් සේවයේ සිටින බවත් ඔවුන් අතරින් කිහිප දෙනකුගේ ද වැඩ තහනම් කිරීම් ඉදිරි කාලයේ සිදුවනු ඇති බවත් දැනගන්නට ඇත .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *