විපතට පත් රජයේ සේවකයන්ට මාස තුනක වැටුප එකවර
පසුගිය දා ඇති වූ ස්වභාවික අපදාවන් නිසා විපතට පත් රජයේ සේවකයන්ට මාස 3 ක වැටුප පොලී රහිත ණයක් වශයෙන් එකවර ලබාදීමට රජය තීරණය කර ඇත.
එම සහනය ලබා ගැනීමට කැමති රජයේ සේවකයන් විසින් තමන් විපතට පත් වූ අයෙක් බවට ග්රාම නිලධාරි මහතා මගින් තහවුරු කර, තමා සේවය කරන ආයතන ප්රධානියා වෙත ඉල්ලූම් පත්රයක් ඉදිරිපත් යුතුය.
