ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ දැන් ඉන්නේ 105 යි – “සන්ඩේ ටයිම්ස්” දේශපාලන ලියුම්කරු හෙළිකරයි

  ජනාධිපතිවරයාට මේ වන විට සිටින්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 105 දෙනෙකු පමණක් බවත්, තමමත් හත් දෙනෙකුගේ අඩුවක් ඇති බවත්, ( ශාන්ත බණ්ඩාර මන්ත්‍රීවරයා ද ගැනීමෙන් පසු )  ‘සන්ඩේ ටයිම්ස්” පුවත්පතේ සතිපත ප්‍රධාන දේශපාලන විග්‍රහය ලියන දේශපාලන ලියුම්කරු අද තම ලිපියේ සඳහන් කොට ඇත. නව කැබිනට මණ්ඩලයක් දිවුරුම් දීම ප්‍රමාද කිරීමට ජනාධිපතිවරයාට එය හේතුවක් වී ඇති බවත්,…

ගෝටා, මහින්ද ආණ්ඩුවක් හැදුවොත් පාර්ලිමේන්තුවේ ඉක්මන් ඡන්දයක්

    බලයෙන් ඉවත් වන්නැයි ජනතාවගෙන් සහ මහ නායක හිමිවරුන්, සංඝයා වහන්සේලා ඇතුළු පුජක පක්ෂයෙන් ද එල්ල වන සියලු විරෝධතා නොතකා මහින්ද රාජපක්ෂ මහතා අගමැති තනතුරට පත්කර ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා ක්‍රියා කළ හොත් පාර්ලිමේන්තුවේ ඉක්මන් ඡන්දයක් ලබා ගෙන එම ආණ්ඩුව පරාජය කිරීමට විපක්ෂයේ පක්ෂ සහ ආණ්ඩුවෙන් ඉවත් වූ පක්ෂ සහ කණ්ඩායම සැලසුම්…

නාමල් රාජපක්ෂත් ඇමතිකම් වෙන්දේසියේ

    ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ 113 ක් බහුතරය සකස් කර ගැනීම සඳහා ඇමතිකම් සහ මුදල් බෙදීමේ වෙන්දේසියට නාමල් රාජපක්ෂ මහතා ද එක්ව සිටින බව වාර්තා වෙයි. ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායක ජීවන් තොන්ඩමන් මහතාට කතා කළ නාමල් රාජපක්ෂ මහතා තමන් දැරූ  ක්‍රිඩා අමාත්‍යංශය සහ ඩිජිටල් තාක්ෂණ අමාත්‍යංශය ජිවන් තොණ්ඩමන් මහතාට ලබා දීමටත් , ඊට අමතරව වතු යටිතල…

ගෝටා , මහින්ද ගේම ඉල්ලති ; “ඕනෑ දෙයක් කරගන්න , අපි නෑ” – ජෙෂ්ටයෝ කියති

රටේ පවතින දැඩි විරෝධය නොතකා යලි තමන්ගේම ආණ්ඩුවක් පත් කරගෙන ක්‍රියා කිරීමට ජනාධිපති ගොටාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ මහත්වරුන් ක්‍රියා කරමින් සිටින අතර එලෙස ආණ්ඩුවක් පත් කරන්නේ නම් තමන් එයට සම්බන්ධ නොවන බව ජෙෂට ඇමතිවරුන් ගණනාවක් ප්‍රකාශ කොට ඇති බව වාර්තා වෙයි. තමන් ඇමති ධුරයක් භාර නොගන්නා බව බන්දුල ගුණවර්ධන මහතා ජනාධිපතිවරයා වෙත ලිඛිතව…

මුදල් ඇමති ඇතුළු පිරිස අයි එම් එෆ් හමුවෙන්න යති

  ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග සාකච්ඡා සඳහා සහභාගී වන ශ්‍රී ලංකා ධුත පිරිස අද උදැසන කටුනායක ගුවන් තොටුපලින් වොෂින්ටන් බලා පිටත්ව ගියහ. මුදල් ඇමති ජනාධිපති නීතිඥ අලි සබ්රි, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහත්වරුන් මෙම ධුත පිරිසට ඇතුලත් ය. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකා රජය අතර සාකච්ඡා ලබන…

හිටපු මහ බැංකු අධිපති කබ්රාල්ට අපරාධ චෝදනා !

ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එරෙහිව සාපරාධි නොසැලකිල්ල සහ තවත් කරුණු යටතේ අපරාධ චෝදනා එල්ල කළ හැකි බව මුල්‍ය ක්ෂේත්‍රයේ තතුදත් ආරංචි මාර්ග කියයි. රට බංකොලොත් භාවයට පත්වන බව දැන දැන ම එය වලකා ගැනීමට පියවර නොගැනීම, ණය ප්‍රතිව්‍යුහගත කිරීමට පියවර නොගෙන ණය සහ පොලී ගෙවමින් ජනතාවගේ අත්‍යවශ්‍ය භාණ්ඩ හිගයක්…

අනෙක් පක්ෂ සමග සමගි වන්න සමගි ජන බලවේගය තීරණය කරයි

පවතින දේශපාලන අර්බුදය හමුවේ එයට විසඳුම් සෙවීමේ දී අනෙක් පක්ෂ සහ කණ්ඩායම් සමග සමගිව කටයුතු කරන්නට තම පක්ෂය තීරණය කළ බව සමගි ජන බලවේගයේ මහ ලේකම් රන්ජිත් මද්දුම බණ්ඩාර මහතා අද ප්‍රකාශ කළේය. පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ අද පැවති සාකච්ඡාවකින් පසුව ඒ මහතා මෙම ප්‍රකාශය සිදුකොට තිබේ. අර්බුදයට සාමුහිකව විසඳුම් සොයනවා වෙනුවට කට්ටිවාදී ලෙස කටයුතු කරන…

යළි පොහොට්ටු ආණ්ඩුවක ඇමතිකම් භාරගන්න හිටපු ඇමතිවරු බැහැ කියති

යලිත් පොදුජන එක්සත් පෙරමුණේ ඇමති මණ්ඩලයක් පත් කිරීමට දරන උත්සාහයේ දී ඇමතිකම් භාර නොගන්නා බව හිටපු ඇමතිවරුන් ගණනාවක් ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා වෙත දැනුම් දී ඇති බව වාර්තා වෙයි. ඩලස් අලහප්පෙරුම , ගාමිණී ලොකුගේ, බන්දුල ගුණවර්ධන සහ මහින්දානන්ද අලුත්ගමගේ හිටපු ඇමතිවරුන් ඇතුළු තවත්  ගණනාවක් ඒ අතර වන බව දැනගන්නට ඇත. ඔවුන් තම තීරණ සඳහා විවිධ…

විශ්වාසභංගය සමග සජිත් තනිවෙයි ; වෙනත් පක්ෂ බැහැ කියයි !

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මෙහෙයවීම මත සමගි ජන බලවේගය සකස් කළ විශ්වාස භංග සහ දෝෂාභියෝග යෝජනාවලට අත්සන් තැබීම සෙසු පක්ෂ විසින් ප්‍රතික්ෂේප කිරීම නිසා ඒවා ඉදිරිපත් කළ නොහැකි තත්ත්වයට පත ඇති බව වාර්තා වෙයි. මේ මොහොතේ එකසත් විය යුතු බලවේග භේද කිරීමේ පියවරක්ම් ලෙස සලකමින් ආණ්ඩුවෙන් ඉවත් වූ පක්ෂ දහය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය…

අගමැතිකම අතහරින්නැයි විමල්-ගම්මන්පිල, මහින්දගෙන් ඉල්ලයි

  නව අග්‍රාමාත්‍යවරයකු යටතේ අමාත්‍ය මණ්ඩලයක් පත්කර ගැනීම සඳහා අගමැති මහින්ද රාජපක්ෂ මහතාට ඉවත් වන්නැයි ආණ්ඩුවෙන් ඉවත් වූ  විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන මහත්වරුන් අගමැතිවරයා හමුවී  ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ. ඔවුන් දෙදෙනා ඉකුත් දිනක අරලියගහ මන්දිරයේදී අගමැතිවරයා හමුවී  මෙම ඉල්ලීම කර ඇති බවද දැනගන්නට ඇත අගමැතිවරයා ඔවුන්ගේ  එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති අතර,ඇතිව තිබෙන…

බැසිල් රටින් පැන්න බවට සමාජ මාධ්‍යයේ වාර්තා

හිටපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා විශේෂ පෞද්ගලික ගුවන් යානයකින් ඩුබායි බලා ගිය බවට සමාජ මාධ්‍යයේ ප්‍රවෘත්ති පළ වී තිබේ. රත්මලාන ගුවන් තොටුපළෙන් අද දහවල් මෙම ගමන සිදු වී ඇති බව ද එම වාර්තාවල සඳහන් ය. කොවිඩ් ආසාදනය වීමෙන් බැසිල් රාජපක්ෂ මහතා ඊයේ කොළඹ ලංකා හොස්පිටල්හි නේවාසික ප්‍රතිකාර සඳහා යොමු වූ බව වාර්තා වී තිබිණි….

කොළඹ කොටස් වෙළෙඳපොළ සතියකට වසා දමයි

  කොළඹ කොටස් වෙළෙඳපොළ මෙම සතිය තුළ ගනුදෙනු සඳහා  විවෘත නොකිරීමට තීරණය කොට තිබේ. රටේ විදේශ නය ගෙවීමට නොහැකි බව රජය ප්‍රකාශ කිරීමෙන් පසුව ඇති වූ තත්ත්වය තුළ කොටස් වෙළෙඳපොළ බිඳ වැටීමට ලක්වීමෙන් වලකා ගැනීම සඳහා මෙම පියවර ගෙන ඇතැයි කියති. ගනුදෙනු සඳහා කොටස් වෙළෙඳපොළ යලි විවෘත කිරීමට නියමිතව ඇත්තේ ලබන 25 දා සඳුදා ය….