බැසිල් රටින් පැන්න බවට සමාජ මාධ්‍යයේ වාර්තා

හිටපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා විශේෂ පෞද්ගලික ගුවන් යානයකින් ඩුබායි බලා ගිය බවට සමාජ මාධ්‍යයේ ප්‍රවෘත්ති පළ වී තිබේ.

රත්මලාන ගුවන් තොටුපළෙන් අද දහවල් මෙම ගමන සිදු වී ඇති බව ද එම වාර්තාවල සඳහන් ය.

කොවිඩ් ආසාදනය වීමෙන් බැසිල් රාජපක්ෂ මහතා ඊයේ කොළඹ ලංකා හොස්පිටල්හි නේවාසික ප්‍රතිකාර සඳහා යොමු වූ බව වාර්තා වී තිබිණි.

හෙට අධිකරණ කටයුතු ආරම්භ වූ විට බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිසකට රටින් පිට පිටවීම තහනම් කෙරෙන නියෝග ගැනීමට සමාජ ක්‍රියාකාරීන් පිරිසක් සුදානමින් සිටි බව ද දැනගන්නට ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *