යළි පොහොට්ටු ආණ්ඩුවක ඇමතිකම් භාරගන්න හිටපු ඇමතිවරු බැහැ කියති

යලිත් පොදුජන එක්සත් පෙරමුණේ ඇමති මණ්ඩලයක් පත් කිරීමට දරන උත්සාහයේ දී ඇමතිකම් භාර නොගන්නා බව හිටපු ඇමතිවරුන් ගණනාවක් ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා වෙත දැනුම් දී ඇති බව වාර්තා වෙයි.
ඩලස් අලහප්පෙරුම , ගාමිණී ලොකුගේ, බන්දුල ගුණවර්ධන සහ මහින්දානන්ද අලුත්ගමගේ හිටපු ඇමතිවරුන් ඇතුළු තවත් ගණනාවක් ඒ අතර වන බව දැනගන්නට ඇත.
ඔවුන් තම තීරණ සඳහා විවිධ කරුණු ඉදිරිපත් කොට ඇතත්, පවතින ජනමතය එයට ප්රධාන හේතුව බව විශ්වාස කෙරෙයි.
බොහෝ දෙනාගේ මතය වී තිබෙන්නේ එබඳු ඇමති මණ්ඩලයක් පත් කිරීමෙන් ජනතාවගේ කෝපය තවත් උත්සන්න විය හැකි බවයි.
