විශ්වාසභංගය සමග සජිත් තනිවෙයි ; වෙනත් පක්ෂ බැහැ කියයි !

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මෙහෙයවීම මත සමගි ජන බලවේගය සකස් කළ විශ්වාස භංග සහ දෝෂාභියෝග යෝජනාවලට අත්සන් තැබීම සෙසු පක්ෂ විසින් ප්‍රතික්ෂේප කිරීම නිසා ඒවා ඉදිරිපත් කළ නොහැකි තත්ත්වයට පත ඇති බව වාර්තා වෙයි.
මේ මොහොතේ එකසත් විය යුතු බලවේග භේද කිරීමේ පියවරක්ම් ලෙස සලකමින් ආණ්ඩුවෙන් ඉවත් වූ පක්ෂ දහය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ලංකා කම්කරු කොන්ග්රසය එම යෝජනාවලට අත්සන් තැබීම ප්‍රතික්ෂේප කොට ඇත.
විස්වාස භංග යෝජනාවකට විරුද්ධතාවයක් නැති බව කියූ දෙමළ ජාතික සන්ධානය සහ ජාතික ජන බලවේගය ද සමගි ජන බලවේගය සකස් කළ විශ්වාස භංගයට හෝ දෝෂාභියෝගයට සහය දීමට ඉදිරිපත් වී නැත.
මෙම පක්ෂ බහුතරයක මතය වී ඇත්තේ විසිවැනි සංශෝධනය අහෝසි කිරීමට මේ මොහොතේ සියලු දෙනා එක්සත්ව කටයුතු කළ යුතු බව යි.
