අනෙක් පක්ෂ සමග සමගි වන්න සමගි ජන බලවේගය තීරණය කරයි

පවතින දේශපාලන අර්බුදය හමුවේ එයට විසඳුම් සෙවීමේ දී අනෙක් පක්ෂ සහ කණ්ඩායම් සමග සමගිව කටයුතු කරන්නට තම පක්ෂය තීරණය කළ බව සමගි ජන බලවේගයේ මහ ලේකම් රන්ජිත් මද්දුම බණ්ඩාර මහතා අද ප්‍රකාශ කළේය.
පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ අද පැවති සාකච්ඡාවකින් පසුව ඒ මහතා මෙම ප්‍රකාශය සිදුකොට තිබේ.
අර්බුදයට සාමුහිකව විසඳුම් සොයනවා වෙනුවට කට්ටිවාදී ලෙස කටයුතු කරන බවට එම පක්ෂයට පිටතින් සහ අභ්‍යන්තරයෙන් ද විවේචන එල්ල වී තිබිණි.
විපක්ෂයේ හැසිරීම ගැන තමන්ට ලජ්ජා හිතෙන බවත්, මෙහෙම ගියොත් පක්ෂයෙන් සහ මන්ත්‍රී ධුරයෙන් ද ඉවත් වී ජන අරගලයට එක්වන බව හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා ප්‍රකාශ කොට තිබිණි.
එමෙන් ම, විපක්ෂයේ ක්‍රියාකාරීත්වය විවේචනය කරමින් කොළඹ පුරපතිනි රෝසි සේනානායක මහත්මිය ද නිවේදනයක් නිකුත් කොට තිබිණි.
කෙසේ වෙතත්, අද කළ ප්‍රකාශය අනුව විපක්ෂය සහ ආණ්ඩුවෙන් ඉවත් වූ පිරිස එක්සත්ව ක්‍රියා කිරීමට කටයුතු කළ හොත් එය ආණ්ඩු විරෝධී අරගලයට විශාල ශක්තියක් වන බව විපක්ෂයේ බොහෝ දෙනාගේ මතය වී තිබේ.
