හිටපු මහ බැංකු අධිපති කබ්රාල්ට අපරාධ චෝදනා !

ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එරෙහිව සාපරාධි නොසැලකිල්ල සහ තවත් කරුණු යටතේ අපරාධ චෝදනා එල්ල කළ හැකි බව මුල්‍ය ක්ෂේත්‍රයේ තතුදත් ආරංචි මාර්ග කියයි.

රට බංකොලොත් භාවයට පත්වන බව දැන දැන ම එය වලකා ගැනීමට පියවර නොගැනීම, ණය ප්‍රතිව්‍යුහගත කිරීමට පියවර නොගෙන ණය සහ පොලී ගෙවමින් ජනතාවගේ අත්‍යවශ්‍ය භාණ්ඩ හිගයක් නිර්මාණය කිරීම, සහ එමගින් ජනයා පීඩාවට පත් කිරීම සහ මිය යාමට සැලැස්වීම මත මෙම අපරාධ චෝදනා ගොනු කළ හැකි බව කියති.

ඉන්ධන පෝලිම්වල දී මියගිය අට දෙනා සම්බන්ධයෙන් අනියම් මිනීමැරුම් චෝදනා ද ගොනු කිරීමේ හැකියාවක් ද ඇත.

ඖෂධ හිගය සම්බන්ධයෙන් ද එබඳු ම චෝදනා ගොනු කිරීමේ හැකියාව පවතී.

මහජනයා පීඩාවට පත්කිරීම මගින් රටේ දේශපාලන අර්බුදයක් ඇති කිරීමට ප්‍රධාන වගකිව යුත්තකු වන කබ්රාල් මහතා එමගින් ඇතිවන සියලු ප්‍රතිවිපාක පිළිබඳව ද වගකිව යුත්තකු බව අපගේ මුලාශ්‍ර මගින් තහවුරු කරයි.

එම මුලාශ්‍රවලට අනුව පාස්කු ප්‍රහාරය වලකා ගැනීමට ක්‍රියා නොකිරීම පිලිබන්ධව ඇතැම් නිලධාරීන්ට චෝදනා කිරීමට වඩා ශක්තිමත් පදනමක් සාපරාධී නොසැලකිල්ල සම්බන්ධයෙන් කබ්රාල් මහතාට චෝදනා එල්ලකිරීම සඳහා පවතියි.

එමෙන් ම ඇතැම් කරුණු සම්බන්ධව පරීක්ෂා කොට කබ්රාල් මහතාට එරෙහිව දුෂණ චෝදනා ද එල්ල කිරීමේ හැකියාව ඇති බව කියති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *