වී අලෙවි මණ්ඩලයේ සභාපති ආචාර්ය ජටාල් මාන්නප්පෙරුමත් ඉල්ලා අස්වෙයි !

වී අලෙවි මණ්ඩලයේ සභාපති ආචාර්ය ජටාල් මාන්නප්පෙරුම මහතා ඊයේ (14) දිනයේදී සිය තනතුරින් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ. 2019 වසරේදී නව රජය බලයට පත්වීමත් සමග වසර තුනක කාලයක් සඳහා මෙම තනතුරට පත්වූ ඒ මහතා පෞද්ගලික හේතුවක් මත ඊයේ දිනයේදී මෙසේ එම තනතුරෙන් ඉල්ලා අස්වී ඇති බව කියති. වී මිල දී ගැනීම සහ අලෙවිය පිලිබඳ …

රට සඳුදා සිට විවෘත කළ හැකියි – කොවිඩ් මර්ධන රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ

කොවිඩ් රෝගීන් හමුවීමේ අඩුවක් පෙන්නුම් කට ඇති නිසා ලබන සඳුදායින් පසු රට ක්‍රමානුකුලව විවෘත කල හැකි වන බව කොවිඩ් මර්ධන රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ප්‍රකාශ කොට ඇත. දැනට බල පැවැත්වෙන නිරෝධායන ඇඳිරි නීතිය ලබන 21 දා, අඟහරුවාදා අලුයම දක්වා ක්‍රියාත්මක වෙයි. විශේෂඥයින් කියන්නේ ඉන් පසුව රට විවෘත කරන්නේ නම් එය සැලසුමකට අනුව ක්‍රමානුකුලව සිදු…

අද කොවිඩ් මරණ 136 යි ; නව ආසාදිතයින් 2,457 යි

අද දිනයේ රජය නිවේදනය කොට ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 136 කි. ඒ අනුව මෙරටි මේ දක්වා වාර්තා කොට ඇති සම්පුර්ණ කොවිඩ් මරණ සංඛ්‍යාව 11,567 කි. නව ආසාදිතයින් ලෙස අද දිනයේ අලුතින් හඳුනාගත් බව වාර්තා කොට ඇති සංඛ්‍යාව 2,457 කි. ඒ අනුවා මෙරටින් වාර්තා කොට ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 490,957 ක් ලෙස සටහන් වෙයි. දැනට…

වැඩ බාර ගන්නත් පෙර කබ්රාල්ගේ පත්වීමට නඩු

නව මහ බැංකු අධිපති ලෙස පත්කොට ඇති අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ පත්වීම අත් හිටවන ලෙසත්, ඒ මහතාට්  එරෙහිව මහ බැංකු වෝහාරික වාර්තා මගින් හෙළිදරව් කොට ඇති කරුණු මත ඔහු අත් අඩංගුවට ගෙන එම පරික්ෂණ කිරීමට නියම කරන ලෙසත් ඉල්ලා රිට් පෙත්සමක් අද අධිකරණයට ඉදිරිපත්කොට තිබේ. හිටපු ආණ්ඩුකාර වරයකු වන රජිත් කීර්ති තෙන්නකෝන් මහතා විසින් මෙම…

හිටපු අගමැති රනිල්ගේ ඉල්ලීමට චීනයෙන් ප්‍රතිචාර

  කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා වන වෛද්‍ය උපකරණ චීන තානාපති කාර්යාලය එක්සත් ජාතික පක්ෂයට නිල වශයෙන් භාර දුන්නේය. එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීම පරිදි මෙම උපකරණ පරිත්‍යාග කිරීමට චීන රජය පියවර ගත් අතර එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා චීන තානාපති කාර්යාලයට ගොස් එම වෛද්‍ය උපකරණ බාර ගත්තේය….

නිවාඩ් කබ්රාල් කැබිනට් නොවන මහ බැංකු අධිපති !

සිය රාජ්‍ය ඇමති ධුරයෙන් ඊයේ ඉල්ලා අස් වූ අජිත් නිවාඩ් කබ්රාල මහතා මහ බැංකු අධිපති ලෙස පත්කොට ඇතත්, ඒ මහතා ඉල්ලා සිටි කැබිනට් තත්ත්වය ලබා දී නැති බව වාර්තා වෙයි. ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා විසින් ඊයේ ම මෙම පත් වීම සිදුකොට ඇති අතර එය හෙට (15) සිට ක්‍රියාත්මක ය. මෙතෙක් සිටි කිසිදු මහා බැංකු අධිපතිවරයකුට…

නිලධාරීන් තමා රවටා ඇති බව කෘෂිකර්ම ඇමති මහින්දානන්ද කියයි !

රටේ වී ගොවිතැන සහ අස්වැන්න ගැන තමන්ට ලැබී ඇති වාර්තා වැරදි බව නියැඳි සමීක්ෂණයකින් හෙළිදරව් වූ බව කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද ප්‍රකාශ කොට ඇත. ඒ මහතා කියන්නේ ගොවි ජන සේවා දෙපාර්තමේන්තුව සපයා ඇති දත්ත වැරදි බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ ආයතනය කළ නියැඳි සමීක්ෂණයකින් තහවුරු වී ඇති බව යි. හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි…

කොවිඩ් මරණ 135 ක්, නව ආසාදිතයින් 2560 ක් අද වාර්තා කරයි

කොවිඩ් ආසාදිත තවත් මරණ 135 ක් තහවුරු වී ඇති බව රජය අද නිවේදනය කළේ ය. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 11,431 ක් දක්වා ඉහළ ගොස් ඇත. අද දිනයේ හඳුනාගත් බවට රජය නිවේදනය කොට ඇති නව ආසාදිතයින් සංඛ්‍යාව 2,560 කි. ඒ අනුව මෙරටින් මෙතෙක් හමු වී ඇති කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 488,482 කි….

වැටලීම් අසාර්ථකයි ; වී මිල වැඩිකරන්න කැබිනට් මණ්ඩලය තීරණය කරයි

වී සඳහා ගෙවන මිල වැඩි නොකර සහල් මිල පාලනය කිරීමට හදිසි නීතිය යොදා ගෙන රජය කළ උත්සාහය අසාර්ථක වීමෙන් පසු වී මිල වැඩි කිරීමට කැබිනට් මණ්ඩලය අද තීරණය කොට  තිබේ. ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද සවස රැස් වූ කැබිනට් මණ්ඩලය මෙම තීරණය ගෙන තිබේ. ඒ අනුව නාඩු කිලෝවක මිල රුපියල් 55 දක්වා රුපියල් පහකින් ඉහළ දමා ඇති…

මහ බැංකු අධිපතිකම බාරගන්න විද්වතුන් කැමති වී නැහැ !

මහ බැංකු අධිපති ලෙස අජිත් නිවාඩ් කබ්රාල් මහතා තෝරා ගැනීමට පෙර එම තනතුර භාරගන්න ලෙස රටේ පිළිගත් විද්වතුන් ගණනාවකගෙන් රජය ඉල්ලීම් කොට ඇතත්, ඒ කිසිවෙක් එම තනතුර භාර ගැනීමට කැමති වී නැති බව තතු දත් ආරංචි මාර්ග කියයි. රජයේ ප්‍රධාන විශ්ව විද්‍යාලවල සහ විවෘත විශ්ව විද්‍යාලයේ විද්වතුන් කිහිප දෙනෙකුගෙන් රජය මෙම විමසීම සිදුකොට තිබේ. පසුගිය…

බැසිල්ට දෙන්න මන්ත්‍රීකමින් ගිය කැටගොඩ, කබ්රාල් වෙනුවට එයි

මුදල් ඇමති ධුරයට පත් වීම සඳහා බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තු පැමිණීම සඳහා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වූ ජයන්ත කැටගොඩ මහතා මහ බැංකු අධිපති වීමට ඉල්ලා අස් වූ අජිත් නිවාඩ කබ්රාල් මහතා වෙනුවට යළි පාර්ලිමේන්තු පැමිණීමට නියමිත ය. ඒ මහතා යළි පත්කිරීමේ ලිපිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් මහතා විසින් මැතිවරණ කොමිසම…

මහ බැංකු අධිපති වෙන්න කබ්රාල් ඇමැතිකමින්, මන්ත්‍රීකමින් ඉල්ලා අස්වෙයි

මුදල්, ප්‍රාග්ධන වෙළෙඳපොළ, ස රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය ඇමති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීම අද පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත භාර දුන්නේ ය. ඒ මහතා මහ බැංකු අධිපති ලෙස පත්වීමට නියමිත ය. මහ බැංකුවේ හිටපු අධිපති දේශමාන්‍ය මහාචාර්ය ඩබ්ලිව් ඩී ලක්ෂ්මන් මහතා එතුමාට ඇති කළ සිත් තැවුල් නිසා සිකුරාදා තනතුරෙන් ඉල්ලා…