නිවාඩ් කබ්රාල් කැබිනට් නොවන මහ බැංකු අධිපති !

සිය රාජ්‍ය ඇමති ධුරයෙන් ඊයේ ඉල්ලා අස් වූ අජිත් නිවාඩ් කබ්රාල මහතා මහ බැංකු අධිපති ලෙස පත්කොට ඇතත්, ඒ මහතා ඉල්ලා සිටි කැබිනට් තත්ත්වය ලබා දී නැති බව වාර්තා වෙයි.

ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා විසින් ඊයේ ම මෙම පත් වීම සිදුකොට ඇති අතර එය හෙට (15) සිට ක්‍රියාත්මක ය.

මෙතෙක් සිටි කිසිදු මහා බැංකු අධිපතිවරයකුට කැබිනට තත්ත්වය ලබා දී නැති අතර එබඳු තත්ත්වයක් ලබා දීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ප්‍රතිපාදන සලසා නැති බව ද කියති.

කබ්රාල් මහතා හෙට සිය තනතුරේ වැඩ භාර ගැනීමට නියමිත ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *