බැසිල්ට දෙන්න මන්ත්රීකමින් ගිය කැටගොඩ, කබ්රාල් වෙනුවට එයි

මුදල් ඇමති ධුරයට පත් වීම සඳහා බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තු පැමිණීම සඳහා සිය පාර්ලිමේන්තු මන්ත්රී ධුරයෙන් ඉල්ලා අස් වූ ජයන්ත කැටගොඩ මහතා මහ බැංකු අධිපති වීමට ඉල්ලා අස් වූ අජිත් නිවාඩ කබ්රාල් මහතා වෙනුවට යළි පාර්ලිමේන්තු පැමිණීමට නියමිත ය.
ඒ මහතා යළි පත්කිරීමේ ලිපිය ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් මහතා විසින් මැතිවරණ කොමිසම වෙත භාර දී තිබේ.
ඒ අනුව කැටගොඩ මහතාට මන්ත්රී ධුරය අහිමි වුයේ මාස තුනකට අඩු කෙටි කාල සීමාවකට ය.
මෙවර ඒ මහතාට රාජ්ය ඇමති ධුරයක් ද හිමි වනු ඇතැයි කියති.
