මහ බැංකු අධිපතිකම බාරගන්න විද්වතුන් කැමති වී නැහැ !

මහ බැංකු අධිපති ලෙස අජිත් නිවාඩ් කබ්රාල් මහතා තෝරා ගැනීමට පෙර එම තනතුර භාරගන්න ලෙස රටේ පිළිගත් විද්වතුන් ගණනාවකගෙන් රජය ඉල්ලීම් කොට ඇතත්, ඒ කිසිවෙක් එම තනතුර භාර ගැනීමට කැමති වී නැති බව තතු දත් ආරංචි මාර්ග කියයි.

රජයේ ප්‍රධාන විශ්ව විද්‍යාලවල සහ විවෘත විශ්ව විද්‍යාලයේ විද්වතුන් කිහිප දෙනෙකුගෙන් රජය මෙම විමසීම සිදුකොට තිබේ.

පසුගිය මාස කිහිපයක් තිස්සේ රජය මෙම සොයා බැලීම කොට ඇති අතර ඒ බව හිටපු මහා බැංකු අධිපති මහාචාර්ය ලක්ෂ්මන් මහතාට ද දැනගන්නට ලැබී ඇතැයි කියති. ඒ මහතාගේ සිත් රිදීම්වලට එය ද එක් හේතුවක් වන්නට ඇතැයි අපගේ ආරංචි මාර්ග කියයි.

අජිත් නිවාඩ් කබ්රාල් මහතා එම තනතුරට තෝරාගෙන ඇත්තේ සුදුස්සෙකු තෝරා ගැනීමට දැරූ අනෙකුත් උතසහයන් අසාර්ථක වීමෙන් පසුව ය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *