වැටලීම් අසාර්ථකයි ; වී මිල වැඩිකරන්න කැබිනට් මණ්ඩලය තීරණය කරයි

වී සඳහා ගෙවන මිල වැඩි නොකර සහල් මිල පාලනය කිරීමට හදිසි නීතිය යොදා ගෙන රජය කළ උත්සාහය අසාර්ථක වීමෙන් පසු වී මිල වැඩි කිරීමට කැබිනට් මණ්ඩලය අද තීරණය කොට  තිබේ.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද සවස රැස් වූ කැබිනට් මණ්ඩලය මෙම තීරණය ගෙන තිබේ.

ඒ අනුව නාඩු කිලෝවක මිල රුපියල් 55 දක්වා රුපියල් පහකින් ඉහළ දමා ඇති අතර අනෙකුත් වී වර්ගවල මිල ද ඒ අනුව ඉහළ යනු ඇත.

ගොවීන්ගේ ඉල්ලීම වුයේ වී කිලෝවක් සඳහා රුපියල් හැටක මිලක් ලබාදෙන ලෙස යි.

රජය වී මිල රුපියල් 50 ට නියම කොට ඊට වැඩි මිලට ලබා ගැනීම පෞද්ගලික මෝල් හිමියන්ට සහ වෙළෙඳුන්ට තහනම් කළේ ය.

ගොවියන්ගේ වී මිල වැඩි කිරීම සහතික මිල ක්‍රමයේ අරමුණ වුව ද, රජය එය යොදා ගෙන ඇත්තේ ගොවියන්ට වැඩි මිලක් ලැබීම වැලැක්වීම සඳහා ය.

ගොවීන්ගේ වී මිල අඩු කිරීමට මැදිහත් වූ එක ම රජය මෙය වෙයි. වෙන කිසිවෙක් මෙහෙම වැඩ කොට නැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *