කොවිඩ් මරණ 135 ක්, නව ආසාදිතයින් 2560 ක් අද වාර්තා කරයි

කොවිඩ් ආසාදිත තවත් මරණ 135 ක් තහවුරු වී ඇති බව රජය අද නිවේදනය කළේ ය.

ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 11,431 ක් දක්වා ඉහළ ගොස් ඇත.

අද දිනයේ හඳුනාගත් බවට රජය නිවේදනය කොට ඇති නව ආසාදිතයින් සංඛ්‍යාව 2,560 කි.

ඒ අනුව මෙරටින් මෙතෙක් හමු වී ඇති කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 488,482 කි.

මෙලෙස කොවිඩ් මරණ සහ රෝගීන්ගේ අඩු වීමක් පෙන්නුම් කළ ද එය තවමත් ප්‍රමාණවත් මට්ටමේ නොවන බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කොට ඇත. ඒ මහතා කියන්නේ තත්ත්වය යළිත් නරක අතට හැරීමට ඉඩ ඇති නිසා තව දුරටත් පරිස්සම් විය යුතු බව යි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *