මහ බැංකු අධිපති වෙන්න කබ්රාල් ඇමැතිකමින්, මන්ත්‍රීකමින් ඉල්ලා අස්වෙයි

මුදල්, ප්‍රාග්ධන වෙළෙඳපොළ, ස රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය ඇමති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීම අද පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත භාර දුන්නේ ය.
ඒ මහතා මහ බැංකු අධිපති ලෙස පත්වීමට නියමිත ය.
මහ බැංකුවේ හිටපු අධිපති දේශමාන්‍ය මහාචාර්ය ඩබ්ලිව් ඩී ලක්ෂ්මන් මහතා එතුමාට ඇති කළ සිත් තැවුල් නිසා සිකුරාදා තනතුරෙන් ඉල්ලා ඇස වී ය.
ක්‍රියාකාරී දේශපාලනයේ සිට කබ්රාල් මහතා මහ බැංකු අධිපති වීම ගැන විවේචන එල්ල වෙමින් පවතියි.
