දින 14 ක දී වී මෝල් 157 ක් වටලා ටොන් 14,416 ක් සොයාගෙන ! සහල් කළාම එක දිනකට ඇති !!

පරිභෝගික සේවා අධිකාරිය දිවයිනේ දිස්ත්‍රික්ක හයක සහල් මෝල් 157 ක් වටලා වී කිලෝ 14,416 ක් සොයාගෙන ඇති බව වාර්තා වන අතර එම වී ප්‍රමාණය සහල් කළ විට රටේ එක් දිනක සහල් පරිභෝජනයට තරමක් වැඩි ප්‍රමාණයකි.

අගෝස්තු 26 සහ සැප්තැම්බර් 9 අතර කාලය තුළ මෙම වැටලීම් කොට ඇත්තේ අනුරාධපුරය, පොලොන්නරුව, අම්පාර, මඩකලපුව, ත්‍රිකුණාමලය, වවුනියාව යන දිවයිනේ සහල් නිෂ්පාදනය කරන ප්‍රධාන දිස්ත්‍රික්ක හයේ ය.

එහි දී වී මෝල් 157 ක් වටලා ඇති අතර වැඩිපුර වී තිබු බව කියන මෝල් 76 කට සීල් තබා ඇත.

අත් අඩංගුවට ගත්  මෙම වී ප්‍රමාණය සහල් කළ විට ටොන් 9000 ක් පමණ වන අතර එය මෙරට දිනක සහල් පරිභෝජනය වන ටොන් 7000 ට ටොන් 2000 කින් වැඩි ය.

මෙරට කුඹුරුවල සාමාන්‍ය  සහල් අස්වැන්න හෙක්ටෙයාරයකට ටොන් 4.7 ක් වන නිසා මෙම වී ප්‍රමාණය හෙක්ටෙයාර් 3000 ක අස්වැන්නට සමාන ය.

යල් කන්නයේ මෙරට වගා කළ කුඹුරු ඉඩම් ප්‍රමාණය ලක්ෂ 5 කට වැඩි බව කියති. එහි මුළු අස්වනු ප්‍රමාණය වී ටොන් ලක්ෂ 20 ඉක්මවා තිබිය යුතු වෙයි.

මෙරට වී මෝල් 500 ක් පමණ වන අතර එයින් 157 ක් පසුගිය සති දෙකේ වටලා ඇත්තේ වී සඟවා ඇති බවට ලැබුණු තොරතුරු අනුව ය.

මේ අතර අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්වරයා පසුගිය දා  පොළොන්නරුවේ ප්‍රධාන වී මෝල් වටලා අත් අඩංගුවට ගත් සහල් ප්‍රමාණය ටොන් 815 කි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *