අද කොවිඩ් මරණ 144 යි ; නව ආසාදිතයින් 2641 යි

අද රජය නිල වශයෙන් නිවේදනය කළ කොවිඩ් මරණ සංඛ්‍යාව 144 කි.

ඒ අනුව මෙරටින් මේ දක්වා වාර්තා කොට ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 11,296 කි

අලුතින් හඳුනාගත් කොවිඩ් රෝගීන් ලෙස අද වාර්තා කොට ඇති සංඛ්‍යාව 2,641 කි.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් රෝගී සංඛ්‍යාව 485,921 ක් වෙයි.

මේ අතර සෞඛ්‍ය සේවා ආරංචි මාර්ග කියන්නේ රෝහල්වල ප්‍රතිකාර ලබන රෝගීන්ගේ තරමක අඩු වීමක් පෙන්නුම් කරන බව යි.

එමෙන් ම ඔක්ෂිජන් අවශ්‍ය වන රෝගීන් ප්‍රමාණය ද අඩු වී තිබේ.

කෙසේ වෙතත්, අලුතින් වාර්තා වන රෝගීන් සංඛ්‍යාව තවමත් පවතින්නේ ඉහළ අගයක ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *