අලියට එරෙහිවී සජිත් නැගිට යයි

ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් එක්සත් ජාතික පෙරමුණේ අලියා ලකුණෙන් ඉදිරිපත් වියයුතු බවට එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී තුනෙන් දෙකක එකඟතාව පළකර තිබේ. පක්ෂ නායක රනිල් වික්‍රම- සිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කෘත්‍යාධිකාරී මණ්ඩලය පිටකෝට්ටේ පිහිටි සිරිකොත මූලස්ථානයේදී ඊයේ(10) රැස් වුණු අතර එම අවස්ථාවට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශ්වය ද එක්ව සිටියහ. එලෙස අලියා ලකුණෙන් තරග කිරීමට තුනෙන්…

සජිත් මහින්ද වෙන්න හදයි ! අලුත් පක්ෂයක් හදාගෙන එයි !

සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු කණ්ඩායම අලුත් පක්ෂයක් හදාගෙන මැතිවරණය තරග කොට එම පක්ෂය යටතේ ඉදිරි දේශපාලනය කිරීමට සැලසුම් කොට ඇති බව වාර්තා වෙයි . ඒ සදහා සජිත් සහ අනෙක් පක්ෂ එකතු කොට හදන සංධානය ලෙස නව පක්ෂය ලියාපදිංචි කිරීමට යන බව කියති . ඒ අනුව ඉදිරි පාර්ලිමේන්තුවේ නියෝජනය වන්නේ එජාප මන්ත්‍රී වරුන් නොව නව සන්ධානයේ…

එයාර් බස් සමාගමෙන් ගුවන් යානා මිලදී ගැනීම වහාම තහනම් කළ යුතුයි – එජාප නායක රනිල්

එයාර් බස් සමාගමෙන් සිදු කෙරුණු වංචාව සැලකිල්ලට ගෙන එම සමාගමෙන් ශ්‍රී ලංකාවට ගුවන් යානා මිලදී ගැනීම සහ බදු පදනම මත ගැනීම වහා තහනම් කළ යුතුව ඇතැයි එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය. මෙම සිද්ධිය නිසා ශ්‍රී ලංකන් සමාගමටද විශාල අලාභයක් විඳින්නට සිදුවූ බව සඳහන් කළ රනිල් වික්‍රමසිංහ මහතා අදාළ සමාගමෙන් වන්දි මුදල් අයකර…

අගමැතිගේ සහ ඇමතිවරුන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩල නිලධාරීන්ට ජනපතිගෙන් තහනම් නියෝගයක් !

අග්‍රාමාත්‍යවරයාගේ සහ අනෙකුත් ඇමතිවරුන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩල නිලධාරීන්ට රජයේ ව්‍යාපෘති හෝ වෙනත් මූල්‍ය ගනුදෙනුවලට මැදිහත් වීම තහනම් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නියෝගයක් නිකුත් කර ඇති බව වාර්තා වේ ඒ අනුව, ජනාධිපතිවරයාගේ උපදෙස් මත ජනාධිපති ලේකම්වරයා විසින් නිකුත් කරන ලද චක්‍රලේඛයක් මඟින් අග්‍රාමාත්‍යවරයා හෝ ඇමතිවරුන් වෙනුවෙන් ඔවුන්ගේ පෞද්ගලික ලේකම්වරුන්, මහජන සම්බන්ධතා නිලධාරීන් ඇතුළු පෞද්ගලික…

එයාර්බස් අල්ලස් ගන්න තවත් අය හවුල් ! – තව තිදෙනකුට මුදල් ගෙවලා !

එයාර්බස් සමාගමෙන් අල්ලස් ගැනීමේ සිදුවීමට තවත් පිරිසක් හවුල් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ වල දී අනාවරණය වී ඇති බව වාර්තා වෙයි . ශ්‍රී ලන්කන් හිටපු ප්‍රධාන විධායක කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිදගේ ගිණුම් වලින් මුදල් ලැබුණු තැනැත්තන් පිළිබඳව සොයා බැලීමේ දී මේ බව හෙළිවී ඇත . දැනට ලැබී ඇති තොරතුරු අනුව තවත් ශ්‍රී ලාංකිකයින් තිදෙනකුට…

මෛත්‍රීට මහින්දගෙන් පා පහර – තනිවම තරග කරන්න කියයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අනෙක් පක්ෂ සමග ගොඩනගන සන්ධානයට මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ශ්‍රීලංකා නිදහස් පක්ෂය සම්බන්ධ කර නොගැනීම පොදුජන පෙරමුණේ අලුත් ම ස්ථාවරය වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග කියයි . ඔවුන්ගේ ස්ථාවරය වී තිබෙන්නේ ශ්‍රීලනිපය තනිව තරග කොට තම බලය පෙන්විය යුතු බවයි . ශ්‍රීලනිපය මෙතෙක් කිවේ එක්ව හදන සන්ධානයේ සම සභාපතිත්වය සමග අපේක්ෂක…

ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත්වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත්වෙමින් පවතින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනය කරයි. ඔවුන් පෙන්වාදෙන්නේ 2020 වසරේදී දළ දේශීය නිෂ්පාදනයේ 3.7%ක වර්ධනයක් අපේක්ෂා කළ හැකි බවයි. මැනුවෙලා ගොරෙට්ටිගේ නායකත්වයෙන් යුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලය ජනවාරි 29 සිට පෙබරවාරි 7 දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ කළ නිරීක්ෂණ චාරිකාවකින් අනතුරුව මෙම…

වැට් බදු කැපීමට රාජ්‍ය මුදල් කාරක සභාවේ අනුමැතිය නෑ

ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා ජනාධිපති තනතුර ට පත්වීමෙන් පසුව ක්‍රියාත්මක කළ වැට් බදු සංශෝධයට අනුමැතිය ලබා දීම පාර්ලිමේන්තුවේ රාජ්‍ය මුදල් කාරක සභාව ඊයේ ප්‍රතික්ෂේප කළේ ය . එම කමිටුව නියෝග කළේ වැට් බදු කපා හැරීම සාධාරණීකරණය කිරීමට හේතු මීලග කමිටුවට ඉදිරිපත් කළ යුතු බවයි. බදු කපා හැරීමෙන් අහිමි වන ආදායම් උපයන ක්‍රමය පිලිබදව ද කරුණු…

සිරකරුවන් වෙනුවෙන් නිශ්ශංක සේනාධිපති

බන්ධනාගාර රැඳවියන් 5,000ක් ආර්ථික වශයෙන් එලදායී ශ්‍රමිකයන් බවට පත් කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කෙරේ.   මෙය ක්‍රියාත්මක වන්නේ අධිකරණ, මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයේ අධීක්ෂණය යටතේ බන්ධනාගාර දෙපාර්තමේන්තුව හා ඇවන්ට් ගාර්ඩ් සමූහ ව්‍යාපාරයේ සහයෝගයෙනි. ඇවන්ට් ගාර්ඩ් සමූහ ව්‍යාපාරයේ අධිපති නිශ්ශංක සේනාධිපති මහතාගේ සංකල්පයකට අනුව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ.    මෙම ව්‍යාපෘතිය හදුන්වා දීම ඊයේ(07) කොළඹ…

ඇවන්ට් ගාඩ් මුහුදු ආරක්ෂණය යලිත් නිශ්ශංක සේනාධිපතිට

ඇවන්ට් ගාඩ් සමාගම විසින් පවත්වාගෙන යමින් තිබී නාවුක හමුදාව වෙත පවරාගනු ලැබූ  මුහුදු ආරක්ෂණ ව්‍යාපාරය යලි භාරගන්නා ලෙස ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා තමන්ගෙන් ඉල්ලා සිටි බව නිශ්ශංක සේනාධිපති මහතා ප්‍රකාශ කළේය . ඇවන්ට් ගාඩ් සමාගම විසින් අලුතෙන් කරන්නට යන සිරකරුවන් පුනරුත්ථාපනය හා වෘත්තීය පුහුණුව ලබාදීමේ වැඩ පිළිවෙළ හදුන්වාදීමට කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ ඊයේ පැවති උත්සවයේදී…

රනිල් රෝසිට හා කියයි – අනිත් අයට බෑ කියයි ; සජිත් වර්ජනය කරයි

එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකත්වයෙන් ඉවත් කළ සිව් දෙනා නැවත කෘත්‍යාධිකාරී මණ්ඩලයට පත්කරන තුරු තමා කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම් සඳහා සහභාගි නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පක්ෂ එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත දන්වා තිබේ. ඔහු පවසා තිබෙන්නේ ඔවුන් සිව් දෙනාට නැවත කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකත්වය පිරිනැමීම අනිවාර්ය බවයි. ප්‍රසිද්ධියේ පක්ෂ නායකත්වය විවේචනය කළ බවට චෝදනා…

සුදර්මන් රදලියගොඩ යළිත් ස්වාධීන රූපවාහිනියට !

ස්වාධීන රූපවාහිනියේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයෙකු ලෙස පත්කර දින කිහිපයක් ඇතුළත ඉන් ඉවත් කළ සුදර්මන් රදලියගොඩ මහතා නැවත එම තනතුරට පත්කර තිබෙනවා. ඒ බව සඳහන් කරමින් ස්වාධීන රූපවාහිනී සේවයේ සභාපතිවරයා විසින් ජනාධිපති ලේකම්වරයා වෙත ලිපියක් යවා තිබෙනවා. අදාල ලිපියේ සඳහන් වන්නේ කම්කරු විනිශ්චය සභාවේ නියෝගයක් මත රදලියගොඩ මහතා නැවත සේවයේ පිහිටුවීමට තීරණය කර ඇති බවයි. ඒ අනුව…