සජිත් මහින්ද වෙන්න හදයි ! අලුත් පක්ෂයක් හදාගෙන එයි !

සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු කණ්ඩායම අලුත් පක්ෂයක් හදාගෙන මැතිවරණය තරග කොට එම පක්ෂය යටතේ ඉදිරි දේශපාලනය කිරීමට සැලසුම් කොට ඇති බව වාර්තා වෙයි .
ඒ සදහා සජිත් සහ අනෙක් පක්ෂ එකතු කොට හදන සංධානය ලෙස නව පක්ෂය ලියාපදිංචි කිරීමට යන බව කියති . ඒ අනුව ඉදිරි පාර්ලිමේන්තුවේ නියෝජනය වන්නේ එජාප මන්ත්‍රී වරුන් නොව නව සන්ධානයේ මන්ත්‍රීවරුන් ය . එවිට පසුව එජාපය සම්පුර්ණයෙන් අතහැර නව පක්ෂය ලෙස ඉදිරියට යාම මෙම සැලසුමේ අරමුණ බව කියති .
මෙය ශ්‍රීලනිපය අතහැර මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගොඩනැගූ ආකාරයේ ම සැලැස්මකි . එය එලෙස සිදු වුවහොත් එජාපයට අද ශ්‍රිලනිපට අත්වූ ඉරණම අත් වී තම පක්ෂය ප්‍රබල පක්ෂය බවට පත්වනු ඇතැයි සජිත් හිතවාදී කණ්ඩායම විශ්වාස කරන බව දැනගන්නට ඇත .
කෙසේ වෙතත්, එජාපයේ වෙනත් අය සිතන්නේ මහින්ද කළ දේවල් කරන්නට තරම් සජිත් පරිනත දේශපාලනඥයෙක් නොවන බවයි .
