රනිල් රෝසිට හා කියයි – අනිත් අයට බෑ කියයි ; සජිත් වර්ජනය කරයි

එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකත්වයෙන් ඉවත් කළ සිව් දෙනා නැවත කෘත්‍යාධිකාරී මණ්ඩලයට පත්කරන තුරු තමා කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම් සඳහා සහභාගි නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පක්ෂ එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත දන්වා තිබේ. ඔහු පවසා තිබෙන්නේ ඔවුන් සිව් දෙනාට නැවත කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකත්වය පිරිනැමීම අනිවාර්ය බවයි.
ප්‍රසිද්ධියේ පක්ෂ නායකත්වය විවේචනය කළ බවට චෝදනා කරමින් අජිත් පී. පෙරේරා, සරත් ෆෝන්සේකා යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ කොළඹ පුරපති රෝසි සේනානායක මහත්මිය, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකිර් මාකාර් මහතා යන සිව් දෙනාගේ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකත්වය අත්හිටුවීමට එජාප නායකයා පසුගියදා තීරණය කළේය.
සජිත් ප්‍රේමදාස මහතාගේ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත්තේ කොළඹ පුරපති රෝසි සේනානායක මහත්මියගේ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකත්වය නැවත ලබාදිය හැකි බවයි. එහෙත් සෙසු තිදෙනාට නැවත සාමාජිකත්වය ලබාදීම කිසිසේත්ම සිදුකළ නොහැකි බව එජාප නායකයා පවසා තිබෙනවා.
එජාපයේ මූලිකත්වයෙන් ගොඩනැගෙන සන්ධානය පිළිබඳ තීන්දු කිහිපයක් ගැනීම සඳහා අද (07) එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වීමට නියමිතව තිබූ නමුත් එය ලබන සඳුදා (10) දක්වා කල්දමා තිබේ.
UN
LANKANEWSWEB
