ඇවන්ට් ගාඩ් මුහුදු ආරක්ෂණය යලිත් නිශ්ශංක සේනාධිපතිට

ඇවන්ට් ගාඩ් සමාගම විසින් පවත්වාගෙන යමින් තිබී නාවුක හමුදාව වෙත පවරාගනු ලැබූ  මුහුදු ආරක්ෂණ ව්‍යාපාරය යලි භාරගන්නා ලෙස ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා තමන්ගෙන් ඉල්ලා සිටි බව නිශ්ශංක සේනාධිපති මහතා ප්‍රකාශ කළේය . ඇවන්ට් ගාඩ් සමාගම විසින් අලුතෙන් කරන්නට යන සිරකරුවන් පුනරුත්ථාපනය හා වෘත්තීය පුහුණුව ලබාදීමේ වැඩ පිළිවෙළ හදුන්වාදීමට කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ ඊයේ පැවති උත්සවයේදී සේනාධිපති මහතා මේ බව ප්‍රකාශ කළේය .

සිරකරුවන් පුනරුත්ථාපනය  සදහා රුපියල් මිලියන 300ක් යොදවන්නේ කෙසේදැයි මාධ්‍යවේදියකු නැගු පැනයකට පිළිතුරු ලෙස ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ විදේශවල තම ආයෝජන වලින් මෙන් ම පසුගිය කාලයේ ගෙවන ලද  කප්පම් මුදල්වලින් කොටසක් ද තමන්ට ආපසු ලැබී ඇති බවයි .

තමන්ගේ නව ව්‍යාපෘතිය මගින් සිරකරුවන් 5000 ක ට වෘතිය පුහුණුව ලබාදී රජයට රුපියල් බිලියනයක ආදායමක්  ලබාදීමට හැකිවන බවත් සිරකරුවන් නිදහස් වූ පසු ඩොලර් 4000 – 5000 වැටුප් ලබන විදේශ රැකියා සදහා යොමුකළ හැකි වන බවත් නිශ්ශංක සේනාධිපති මහතා කියයි .

මෙහි එක් ප්‍රධාන අරමුණක් වන්නේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් මුදා ගැනීම බව සේනාධිපති මහතා වැඩිදුරටත් කී ය .

ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතා , අමාත්‍යංශයේ  ඉහල නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගී වී සිටියහ  .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *