එයාර්බස් අල්ලස් ගන්න තවත් අය හවුල් ! – තව තිදෙනකුට මුදල් ගෙවලා !

එයාර්බස් සමාගමෙන් අල්ලස් ගැනීමේ සිදුවීමට තවත් පිරිසක් හවුල් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ වල දී අනාවරණය වී ඇති බව වාර්තා වෙයි . ශ්‍රී ලන්කන් හිටපු ප්‍රධාන විධායක කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිදගේ ගිණුම් වලින් මුදල් ලැබුණු තැනැත්තන් පිළිබඳව සොයා බැලීමේ දී මේ බව හෙළිවී ඇත .

දැනට ලැබී ඇති තොරතුරු අනුව තවත් ශ්‍රී ලාංකිකයින් තිදෙනකුට මෙම මුදල් ලැබී ඇත . එම ගනුදෙනු සියල්ල විදේශ රටවල පවත්වා ගෙන ගිය බැංකු ගිණුම් වලට ලැබී තිබීම ද විශේෂත්වයකි .

ගනුදෙනු වී ඇති මුදල ඩොලර් මිලියන දෙකක් වුව ද එකග වී ඇති සම්පුර්ණ මුදල ඩොලර් මිලියන 16.8 කී . ලබාගත හැකි වී ඇත්තේ අත්තිකාරම් මුදලක් පමණකි . ආණ්ඩු වෙනසින් පසු ගනුදෙනුව අත්හැරීම නිසා ඉතිරි මුදල් ගනුදෙනුව සිදු වී නැත .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *