මෛත්‍රීට මහින්දගෙන් පා පහර – තනිවම තරග කරන්න කියයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අනෙක් පක්ෂ සමග ගොඩනගන සන්ධානයට මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ශ්‍රීලංකා නිදහස් පක්ෂය සම්බන්ධ කර නොගැනීම පොදුජන පෙරමුණේ අලුත් ම ස්ථාවරය වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග කියයි . ඔවුන්ගේ ස්ථාවරය වී තිබෙන්නේ ශ්‍රීලනිපය තනිව තරග කොට තම බලය පෙන්විය යුතු බවයි .
ශ්‍රීලනිපය මෙතෙක් කිවේ එක්ව හදන සන්ධානයේ සම සභාපතිත්වය සමග අපේක්ෂක සංඛ්‍යාවෙන් සියයට තිහක් තමන්ට අවශ්‍ය බවයි . ජනාධිපතිවරණයට පෙර අත්සන් කළ ගිවිසුමට අනුව මෙම තත්ත්වය තමන්ට හිමිවිය යුතු බවයි .
පොදුජන පෙරමුණ දැන් කියන්නේ වෙනස් වී ඇති තත්වය හමුවේ කලින් ගිවිසුම දැන් වලංගු නැති බවයි .
මේ අතර මෛත්‍රීපාල සිරිසේන මහතා තම ලැයිස්තුවෙන් කෙසේවත් ඉදිරිපත් නොකළ යුතු බවට පොළොන්නරුවේ පොහොට්ටුවේ නායකයින්ගෙන් ද විරෝධයක් එල්ල වී ඇත .
මේ තත්වය හමුවේ මෛත්‍රීපාල සිරිසේන මහතා හා ශ්‍රීලනිපය අන්ත අසරණ වී ඇති බව දේශපාලන අංශ කියයි .
