අද කැබිනට් රැස්වීමට ජනාධිපති නැහැ ; කිරිපිටි, ගෑස්, සිමින්ති මිල වැඩිකිරීම ගැන තීරණ ගන්න විශේෂ රැස්වීම අනිද්දා

අද දිනයේ පැවතී කැබිනට් මණ්ඩල රැස්වීමට ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා සහභාගී නොවීම නිසා කිරිපිටි, ගෑස් සහ සිමෙන්ති මිල වැඩි කිරීමේ අවසන් තීරන ගැනීම කල් දමා ඇති බව වාර්තා වෙයි. අනිද්දා (7දා) පැවැත්වෙන විශේෂ කැබිනට් රැස්වීමක දී එම  තීරන ගැනීමට නියමිත බව ද  වාර්තා වෙයි. ජනාධිපතිතුමා සහභාගී නොවීම නිසා අද කැබිනට රැස්වීම අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ…

අද කොවිඩ් මරණ 40 ක් ; නව ආසාදිතයින් 782 ක් වාර්තා වෙයි

රජය අද නිකුත් කළ නිල වාර්තා අනුව කොවිඩ් ආසාදිත මරණ හතළිහක් තහවුරු කොට ඇති අතර අද හඳුනාගත් නව කොවිඩ් ආසාදිත සංඛ්‍යාව සටහන් වන්නේ 782 ක් වශයෙනි. මෙරටින් වාර්තා කොට ඇති සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව මේ වන විට සටහන් වන්නේ 13,142 ක් වශයෙනි. මෙරටින් වාර්තා වී ඇති හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව සටහන් වන්නේ 522,000…

පොහොර ගනුදෙනුව ගැන චීනය තග දමයි ! එකඟතා කැඩුවයි චෝදනා !!

චීන සමාගමකින් ආනයනය කිරීමට ඇනවුම් කළ නයිට්‍රිජන් පොහොර තොගයේ ගිවිසුම අවලංගු කිරීමෙන් දෙරටේ හොඳ හිත පළුදු විය හැකි බව දන්වමින් මෙරට චීන තානාපතිවරයා කෘෂිකර්ම ඇමතිවරයාට ලිපියක් ඒවා ඇති බව වාර්තා වෙයි. මහ කන්නය සඳහා වහාම ගෙන්වීමට සැලසුම් කොට තිබු මෙම පොහොර ඇනවුම අවලංගු කිරීමට රජයට සිදු වුයේ එම පොහොර වල ක්ෂුද්‍ර ජීවීන් සිටින බව පරීක්ෂණ…

උතුරු නැගෙනහිර ව්‍යාපෘති වෙනත් අයට දෙනවාට විරුද්ධයි – ඉන්දීය විදේශ ලේකම්

ශ්‍රී ලංකාවට තම රට විශාල ලෙස ආයෝජන ලබා දෙමින් සිටිය දී උතුරු නැගෙනහිර ව්‍යාපෘති වෙනත් පාර්ශවයන්ට ලබා දීමට ඉන්දියාව විරෝධය පල කරන බව දැන්  දිවයිනේ සංචාරය කරන ඉන්දීය විදේශ ලේකම් හර්ෂ් වර්ධන් ශ්‍රින්ගලා මහතා ප්‍රකාශ කොට ඇත. අවශ්‍ය ආයෝජන ලබා දීමට ඉන්දියාව සුදානම් බව ද ඒ මහතා  කියයි. දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් සමග පැවති සාකච්ඡාවේ…

කිරිපිටි, ගෑස්, සිමින්ති මිල වැඩි කිරීම ගැන තීරණ අද සවස

කිරිපිටි, ගෑස්, සිමෙන්ති මිල වැඩි කිරීමට පාරිභෝගික සේවා අධිකාරිය සහ ජීවන වියදම් කමිටුව විසින් ලබා දී ඇති නිර්දේශ පිලිබඳව අද සවස පැවැත්වෙන කැබිනට් රැස්වීමේ දී තීරණය කෙරෙනු ඇති බව වාර්තා වෙයි. ඇමෙරිකාවේ සංචාරයෙන් පසු ජනාධිපතිතුමා ඊයේ ශ්‍රී ලංකාවට පැමිණිය ද, වෙනත් වැඩ කටයුතු යෙදී තිබීම හේතුවෙන් කැබිනට් රැස්වීම අදට කල් තබා ඇත. එය අද සවස…

අද කොවිඩ් මරණ 43 යි : නව ආසාදිතයින් 786 යි

තවත් කොවිඩ් මරණ 43 ක් සහ නව ආසාදිතයින් 786 ක් රජය අද දිනයේ වාර්තා කොට ඇත. අද තහවුරු කළ මරණ 43 ද සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව නිල වශයෙන් සටහන් වන්නේ 13,102 ක් වශයෙනි. මෙරටින් වාර්තා කොට ඇති හඳුනාගත් කොවිඩ් රෝගීන් සංඛ්‍යාව සටහන් වී ඇත්තේ 521,221 ක් වශයෙනි. මේ අතර පොදු ප්‍රවාහන සේවා අඩාල…

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය කරනවා – ජනපති යුරෝපා සංගම් නියෝජිතයන්ට කියයි

ත්‍රස්තවාදය වැළක්වීමේ පනත සංශෝධනය කිරීමට  අවශ්‍ය කමිටු පත්කර ඒවායේ වාර්තා අනුව අධිකරණ අමාත්‍යවරයාටත්, නීතිපතිතුමාටත් උපදෙස් ලබා දී ඇති අතර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ඇති සංශෝධනය කළ යුතු වගන්ති සංශෝධනයට කඩිනම් පියවර ගන්නා බව ජනාධිපතිතුමා මෙරට සංචාරයට පැමිණ සිටින යුරෝපා සංගම් නියෝජිත කණ්ඩායමට පැවසීය. එලෙසම, වර්තමාන ලෝකයේ මානව අයිතිවාසිකම් සම්බන්ධයෙන් ඇති එකඟතාවන්ට අනුව කටයුතු කරන බව ද…

ත්‍රිකුණාමලේ තෙල් ටැංකි දැන් අයිති ඉන්දියාවට යි – ඛනිජ තෙල් ඇමති උදය ගම්මන්පිල

ත්‍රිකුණාමලයේ ඇති තෙල් ටැංකි සියය ම ඉන්දියාවට අයිති වී අවසන් බව ඛනිජ තෙල් ඇමති උදය ගම්මන්පිල මහතා අද කොළඹ පැවතී මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කොට ඇත. එම තෙල් ටැංකි ඉන්දියාවට හිමිකර දුන්නේ ඉන්දු ලංකා ගිවිසුමෙන් බව ද ගම්මන්පිල මහතා කියයි. ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට දෙන්න යන බව කියමින් වෘත්තීය සමිති ගෙන යන විරෝධතා ක්‍රියාමාර්ග ගැන…

සජබයේ බෙදීමක් නෑ – මද්දුම බණ්ඩාර ; ප්‍රජාතන්ත්‍රවාදය ගැන ප්‍රශ්න තිබෙනවා – රාජිත

  සමගි ජන බලවේගය පක්ෂයේ කල්ලි කණ්ඩායම් ඇති බවට පලවන වාර්තාවල කිසිදු සත්‍යතාවයක් නැති බව පක්ෂයේ මහා ලේකම් රන්ජිත් මද්දුම බණ්ඩාර මහතා ප්‍රකාශ කොට ඇති අතර පක්ෂයේ ප්‍රබලයකු වන රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කොට ඇත්තේ පක්ෂය තුළ තීරණ ගැනීම කොතරම් ප්‍රජාතන්ත්‍ර වාදී ලෙස සිදුවන්නේ ද යන්න පිළිබඳව ප්‍රශ්න තිබෙන බව යි. රන්ජිත් මද්දුම බණ්ඩාර මහතා…

රට ගෙනියන්නේ හාල්⁣ මෝල් හිමියන් ද? කැබිනට් මණ්ඩලය ද? – එජාප නායක රනිල් වික්‍රමසිංහ

රට ගෙනයන්නේ හාල් මෝල් හිමියන්ගේ සංගමය ද? කැබිනට් මණ්ඩලය ද? කියා වහා රටට පවසන ලෙස හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද පැවසීය. හාල් මෝල් හිමියන් කරන ප්‍රකාශය ගැන මතය කියන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව කී රනිල් වික්‍රමසිංහ මහතා රට ගෙනියන්නේ කවුදැයි යන කාරණය දැනගන්නට කැමති බව ද සඳහන්…

කොවිඩ් මරණ 40 ට බසී ; ආසාදිත සංඛ්‍යාව 800 ට බසී

අද දිනයේ රජය තහවුරු කළ කොවිඩ් මරණ සංඛ්‍යාව 40 කි. ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව ඉහළ යන්නේ 13,059 ක් දක්වා ය. මෙරටින් අලුතින් හඳුනාගත් ලෙස අද දිනයේ වාර්තා වන කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 800 කි. ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති කොවිඩ් රෝගීන් සංඛ්‍යාව සටහන් වන්නේ 520,430 ක් වශයෙනි. කොවිඩ්…

‘‘හිතුමතේ ආර්ථිකය හැසිරවීම නිසා ජනතාවට පෝලිම් වල ලඟින්න වුණා‘‘ – එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන

  මාස තුනක කාලයක් ගතවී ඇතත් ගෑස් හා කිරිපිටි ප්‍රශ්නයට විසදුමක් නොදුන් ආණ්ඩුව මේ වන විට සිමෙන්ති ගැටළුවක්ද ජනතාවගේ හිස මතට පතිත කර ඇතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ප්‍රකාශ කළේය. ගෑස් හා කිරිපිටි පෝලිම්වල සිටි ජනතාව දැන් සිමෙන්ති පෝලිමකට තල්ලුකර ආණ්ඩුව අත පිසදාගෙන සිටින්නේයැයි ද විජයවර්ධන මහතා වැඩිදුරටත් කීවේය. ගෑස්, කිරිපිටි,…