සජබයේ බෙදීමක් නෑ – මද්දුම බණ්ඩාර ; ප්‍රජාතන්ත්‍රවාදය ගැන ප්‍රශ්න තිබෙනවා – රාජිත

සමගි ජන බලවේගය පක්ෂයේ කල්ලි කණ්ඩායම් ඇති බවට පලවන වාර්තාවල කිසිදු සත්‍යතාවයක් නැති බව පක්ෂයේ මහා ලේකම් රන්ජිත් මද්දුම බණ්ඩාර මහතා ප්‍රකාශ කොට ඇති අතර පක්ෂයේ ප්‍රබලයකු වන රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කොට ඇත්තේ පක්ෂය තුළ තීරණ ගැනීම කොතරම් ප්‍රජාතන්ත්‍ර වාදී ලෙස සිදුවන්නේ ද යන්න පිළිබඳව ප්‍රශ්න තිබෙන බව යි.
රන්ජිත් මද්දුම බණ්ඩාර මහතා ප්‍රකාශ කොට ඇත්තේ සජබයේ කල්ලි කණ්ඩායම් බිහි වී ඇතැයි යන්න ආණ්ඩුව විසින් ගෙන යන බොරු ප්‍රචාරයක් බව යි. පක්ෂයේ සියලු දෙනා පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යටතේ සමගිව කටයුතු කරන බව ඒ මහතා කියයි.
මේ ගැන මාධ්‍යවේදීන් කළ විමසුමකට පිළිතුරු දෙමින් රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ පක්ෂයේ විවිධ කණ්ඩායම් ගැන තමන් නොදන්නා නමුත් පක්ෂ අභ්‍යන්තර තීරණ ගැනීමේ ක්‍රියාවලියේ ප්‍රජාතන්ත්‍රවාදී භාවය පිළිබඳව ප්‍රශ්න තිබෙන බව යි.
පක්ෂයේ අභ්‍යන්තර ප්‍රධාන මණ්ඩලවල අදහස් පසෙක ලා හිතුවක්කාර ලෙස ක්‍රියා කිරීම සජිත් ප්‍රේමදාස මහතාට එල්ල වී ඇති බරපතළ චෝදනාවකි.
මෑතක දී චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා ප්‍රසිද්ධියේ පක්ෂ නායකත්වය විවේචනය කිරීමේ සිදුවීමත් සමග වාර්තා වුකේ පක්ෂය තුළ කණ්ඩායම් පහක් බිහි වී ඇති බව යි.
