අද කොවිඩ් මරණ 43 යි : නව ආසාදිතයින් 786 යි

තවත් කොවිඩ් මරණ 43 ක් සහ නව ආසාදිතයින් 786 ක් රජය අද දිනයේ වාර්තා කොට ඇත.

අද තහවුරු කළ මරණ 43 ද සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව නිල වශයෙන් සටහන් වන්නේ 13,102 ක් වශයෙනි.

මෙරටින් වාර්තා කොට ඇති හඳුනාගත් කොවිඩ් රෝගීන් සංඛ්‍යාව සටහන් වී ඇත්තේ 521,221 ක් වශයෙනි.

මේ අතර පොදු ප්‍රවාහන සේවා අඩාල වී පැවතිය ද මාධ්‍ය වාර්තා කළේ සාමාන්‍ය ජනයා සිය අවශ්‍යතා සපුරා ගැනීමට නගර කරා විශාල ලෙස පැමිණෙමින් සිටින බව යි.

කොළඹ ඇතුළු ප්‍රධාන නගර බොහොමයක් අද ජනාකීර්ණ වී පැවැතිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *