කොවිඩ් මරණ 40 ට බසී ; ආසාදිත සංඛ්‍යාව 800 ට බසී

අද දිනයේ රජය තහවුරු කළ කොවිඩ් මරණ සංඛ්‍යාව 40 කි.
ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව ඉහළ යන්නේ 13,059 ක් දක්වා ය.
මෙරටින් අලුතින් හඳුනාගත් ලෙස අද දිනයේ වාර්තා වන කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 800 කි.
ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති කොවිඩ් රෝගීන් සංඛ්‍යාව සටහන් වන්නේ 520,430 ක් වශයෙනි.
කොවිඩ් මරණ සහ රෝගීන්ගේ සංඛ්‍යාවල ස්ථාවර සහ සැලකිය යුතු අඩුවීමක් පසුගිය සතියක පමණ කාලය තුළ සිදු වී තිබේ.
