කිරිපිටි, ගෑස්, සිමින්ති මිල වැඩි කිරීම ගැන තීරණ අද සවස

කිරිපිටි, ගෑස්, සිමෙන්ති මිල වැඩි කිරීමට පාරිභෝගික සේවා අධිකාරිය සහ ජීවන වියදම් කමිටුව විසින් ලබා දී ඇති නිර්දේශ පිලිබඳව අද සවස පැවැත්වෙන කැබිනට් රැස්වීමේ දී තීරණය කෙරෙනු ඇති බව වාර්තා වෙයි.

ඇමෙරිකාවේ සංචාරයෙන් පසු ජනාධිපතිතුමා ඊයේ ශ්‍රී ලංකාවට පැමිණිය ද, වෙනත් වැඩ කටයුතු යෙදී තිබීම හේතුවෙන් කැබිනට් රැස්වීම අදට කල් තබා ඇත. එය අද සවස 5.30 සිට සූම් තාක්ෂනය ඔස්සේ පැවැත්වීමට නියමිත ය.

ඉහත කී භාණ්ඩ මිල වැඩි කිරීම සඳහා නිර්දේශ පසුගිය කැබිනට් රැස්වීම වන විටත් ලබා දී තිබුන ද, ජනාධිපතිතුමා පැමිණෙන තෙක් ඒ පිළිබඳව තීරණ ගැනීම කල් තබා තිබිණි.

මේ වනවිට රටේ විශාල කිරිපිටි හිගයක් ඇති අතර එක් කිරි පැකට්ටුවක් ලබා ගැනීමට පැය දෙක තුනක් පෝලිම්වල සිටීමට මහජනයාට සිදු වී තිබේ. ගෑස් සහ සිමෙන්ති හිගයක් ද පවතියි.

ශ්‍රී ලංකා මහ බැංකුව විශාල ලෙස මුදල් නෝට්ටු මුද්‍රණය කොට වෙළෙඳපොළට නිකුත්කිරීමෙන්  රුපියලේ අගය පහළ වැටීම නිසා විදේශයෙන් ගෙන්වන සෑම භාණ්ඩයක ම මිල ඉහළ ගොස් ඇත.

පාලන මිල නැති භාණ්ඩ නව මිල ගණන් යටතේ අලෙවි වන අතර පාලන මිල වැඩි නොකිරීමෙන් මෙන් ම ඩොලර් හිගය නිසා ද, ඇතැම්  භාණ්ඩ හිග වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *