උතුරු නැගෙනහිර ව්‍යාපෘති වෙනත් අයට දෙනවාට විරුද්ධයි – ඉන්දීය විදේශ ලේකම්

ශ්‍රී ලංකාවට තම රට විශාල ලෙස ආයෝජන ලබා දෙමින් සිටිය දී උතුරු නැගෙනහිර ව්‍යාපෘති වෙනත් පාර්ශවයන්ට ලබා දීමට ඉන්දියාව විරෝධය පල කරන බව දැන්  දිවයිනේ සංචාරය කරන ඉන්දීය විදේශ ලේකම් හර්ෂ් වර්ධන් ශ්‍රින්ගලා මහතා ප්‍රකාශ කොට ඇත. අවශ්‍ය ආයෝජන ලබා දීමට ඉන්දියාව සුදානම් බව ද ඒ මහතා  කියයි.

දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් සමග පැවති සාකච්ඡාවේ දී ඒ මහතා මෙම අදහස් පළ කොට තිබේ.

මෙහි දී , වෙනත් පාර්ශවයන් ලෙස ඒ මහතා සඳහන් කළේ ප්‍රධාන වශයෙන් චීන ආයෝජන ගැන බව දේශපාලන ආරංචි මාර්ග කියයි.

විදුලි ව්‍යාපෘති සඳහා යාපනයේ දුපත් තුනක් චීනයට ලබා දීමට ආණ්ඩුව පසුගියදා කළ සැලසුමකට ඉන්දීය විරෝධය රාජ්‍ය තාන්ත්‍රික මාර්ග ඔස්සේ රජයට ප්‍රකාශ කොට තිබිණ.

මේ අතර, පළාත් සභා මැතිවරණ ඉක්මනින් පැවැත්විය යුතු බව සහ ඉන්දියාවට පොරොන්දු වී ඇති පරිදි 13 වැනි සංශෝධනයෙන් එහාට ගිය බලය බෙදීමක් කළ යුතු බව ද ඉන්දියාව නැවත වරක් අවධාරණය කරන බව ඉන්දීය විදේශ ලේකම් වරයා තම පක්ෂයට පැවසු බව දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී එම් ඒ සුමන්තිරන් මහතා ප්‍රකාශ කොට ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *