ශ්‍රී ලංකාව මේ වනවිට කොරෝනා සමාජ ව්‍යාප්තියක එළිපත්තේ – වෛද්‍ය ජයරුවන්

ශ්‍රී ලංකාව තවමත් කොරෝනා වෛරස් සමාජ ව්‍යාප්ති මට්ටමකට පැමිණ නැතත් එවැන්නක එළිපත්තේ සිටින බව බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පවසයි. “ඔබ අහන්නේ මේක සමාජයට පැතිරිලාද නැද්ද කියන එක ගැන. මේක ඇත්තටම සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ තාක්ෂණික සහ විද්‍යාත්මක අධ්‍යනවලින් වෙන්න ඕනෙ ප්‍රකාශයක්. නමුත් එහෙම වෙන්න එළිපත්තේ ඉන්නවා කිව්වොත් වැරැද්දක්…

ඊයේ කොළඹ ප්‍රදේශ 4කින් හමුවූ රෝගීන්ට වෛරසය ආසාදනය වූ හැටි තවම සොයාගෙන නෑ – හමුදාපති

ඊයේ දිනයේදී (05) කොළඹ ප්‍රදේශ 4කින් එනම්, ජාතික රෝහල, රාජගිරිය, කොලොන්නාව, මෝදර යන ප්‍රදේශවලින් හමුවූ කොරෝනා ආසාදිතයින්ට එම වෛරසය සම්ප්‍රේෂණය වූයේ කෙසේදැයි තවමත් සොයාගෙන නොමැති බවත් තවදුරටත් ඒ පිළිබඳ පරීක්ෂණ කෙරෙමින් පවතින බවත් හමුදාපති ෂවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.  “කොවිඩ් 19 ශ්‍රී ලංකාවට පැමිණිය දා පටන් අපි ඉතාමත්ම කෙටි කාලයකින් කවුද මේ, කොහෙන්ද මේක ආසාදනය වුණේ…

පාර්ලිමේන්තුව කැඳවන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් අටක්

මැතිවරණය කල් දැමීම නිසා ව්‍යවස්ථාවේ සඳහන් මාස තුනකට වැඩි කාලයක් පාර්ලිමේන්තුව නො කැඳවා  සිටීම මගින් මානව අයිතිවාසිකම් කඩ වූ බවට ප්‍රකාශකරන ලෙස ඉල්ලා මුලික අයිතිවාසිකම් පෙත්සම් අටක් අද දින ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත්ව ඇත. රාවය පුවත්පතේ කර්තෘ වික්ටර් අයිවන්, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ පාක්‍යසෝති සරවනමුත්තු ඇතුළු පෙත්සම්කරුවෝ අටදෙනකු මෙම පෙත්සම් ඉදිරිපත් කොට තිබේ.

කොරෝනා රෝගී අලුත් පොකුරු තුනක් හමුවෙයි

කොවිඩ් 19 රෝගීන්ගේ අලුත්  පොකුරු තුනක් හමු වී ඇති බව සෞඛ්‍ය සේවා ආරංචි මාර්ග කියයි. කොළඹ රාජගිරිය බණ්ඩාරනායක පුර ප්‍රදේශයෙන් හා කොලොන්නාව ප්‍රදේශයෙන් නව පොකුරු දෙකක් හමු වී ඇත. තෙවන පොකුර සොයාගෙන ඇත්තේ මහනුවර කොලබිස්ස ප්‍රදේශයෙනි  එම පොකුරු තුනට  අයත් ආසාදිත යයි සැකකරන 139 දෙනකු අද දින කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කොට ඇත. මහනුවර…

ඊයේ හමු වූ රෝගීන් 33 ම වැලිසර නාවික හමුදා පොකුරෙන්

ඊයේ හමු වූ රෝගීන් 33 දෙනා  ම වැලිසර නාවික හමුදා පොකුරෙන් බවත්, 31ක් නිවාඩුවට ගමේ ගොස් සිටි නාවික හමුදා සෙබළුන් බවත්, දෙදෙනකු ඔවුන්ගේ චතීන් බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කරයි. මේ අතර වයස 11ක් වන ළමයකු ද වෙයි.

තැන තැන ඉදිවන විෂබීජ නාශක කුටි සෞඛ්‍යයට හානිකර විය හැකියි – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්

විවීධ පුද්ගලයින් විසින් නොයෙකුත් ආයතනවල ඉදිකරන විෂබීජ නාශක කුටි මගින් කොරෝනා  වෛරසය මැඩලීමට කුමන හෝ සහයක් ලැබෙන බවට සාක්ෂි නැති බවත් එමගින් සෞඛ්‍යයට අහිතකර ප්‍රතිඵල ඇතිවිය හැකි බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කරයි. එම කුටි වල දී සියයට 70 ක සාන්ද්‍රනයෙන් යුතු මධ්‍යසාර ශරීරයට ඉසීම සෞඛ්‍යයට අහිතකර විය හැකි බව ජාසිංහ…

කොරෝනාවෙන් වැටෙන ආර්ථිකය කෘෂිකර්මයෙන් ගොඩ ගන්න බෑ – මහාචාර්ය සිරිමල් අබේරත්න

කොවිඩ් 19 වසංගතය නිසා ඇතිවන ආර්ථික පසුබෑම තුළ දේශීය කෘෂිකර්මය නැංවීමට උනන්දුවක් ඇතිවීම හොද දෙයක් වුව ද කෘෂිකර්මය තුලින් ආර්ථිකය ගොඩ ගත නොහැකි බව කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශාධිපති මහාචාර්ය සිරිමල් අබේරත්න මහතා ප්‍රකාශ කෙළේය. අප රටේ දල දේශීය නිෂ්පාධිතයට කෘෂිකර්මයේ  දායකත්වය සියයට අටක් පමණක් බවත් එයට තේ , පොල් ,රබර් ඇතුළු වාණිජ කෘෂිකර්මයද…

ඇමෙරිකාව දුර්වල වුණත් ලෝක අධිපත්‍යය ගන්න චීනයට බැහැ – ආචාර්ය නිර්මාල් රන්ජිත් දේවසිරි

ලෝක බලවතකු ලෙස දැනටමත් දුර්වල වී සිටින ඇමෙරිකාව කොරෝනා වසංගතය තුළ තවත් දුර්වල වුව ද ලෝක ආධිපත්‍යය ලබා ගැනීමට චීනයට හැකියාවක් නැති බව කොළඹ විශ්ව විද්‍යාලයේ ජෙෂ්ට කථිකාචාර්ය ආචාර්ය නිර්මාල් රන්ජිත් දේවසිරි මහතා ප්‍රකාශ කළේය. ඇමෙරිකාව සිය ආධිපත්‍යය ( හෙජමොනිය )  ගොඩ නගා ගත්තේ හුදෙක් ආර්ථික බලවතකු වීමෙන් නොව ඒකාධිපතිවාදයට විරුද්ධවීම , පෞද්ගලික නිදහස ,…

පුළුවන් තරම් සල්ලි අච්චු ගහලා හරි දැනට අර්බුදයෙන් ගොඩ එන්න ඕනෑ – චන්දිම වීරක්කොඩි

හැකිතාක් මුදල් අච්චු ගැසීමෙන් හෝ මේ මොහොතේ රජය මුහුණ දී සිටින ආර්ථික අර්බුදයෙන් ගොඩ ආ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගාල්ල් දිස්ත්‍රික් අපේක්ෂක චන්දිම වීරක්කොඩි මහතා පවසයි.  “සේවකයන්ට පඩි ගෙවීම පිළිබඳ පෞද්ගලික අංශයේ විශාල ප්‍රශ්නයක් පැන නැඟී තියෙනවා ඒ ආයතන ක්‍රියාත්මක වෙන්නෙ නිසා. ඒ සඳහා විශේෂ ණය යෝජනා ක්‍රමයක් 4% වගේ අඩු පොළියට ලබාදෙන…

අද අලුත් කොරෝනා රෝගීන් 33 යි; එකතුව 751 යි

අද දවස තුළ අලුතින් කොවිඩ් 19 රෝගීන් 33 ක් හදුනාගනු ලැබ ඇත. ඒ අනුව මෙරටින් හමුවූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 751 කි. අද හවස් වනවිට වාර්තා වුයේ අලුත් රෝගීන් තිදෙනකු පමණක් වුව ද රාත්‍රී 10.00 වනවිට රෝගීන් 11ක් ද රාත්‍රී  11.00 වන විට ත්වත්රෝගීන් 19 ද වාර්තා වීය.

මැයි 11 දාත් ඇඳිරි නීතිය ඉවත් නොවේ !

දිවයින පුරා ක්‍රියාත්මක වන ඇඳිරි නීතිය මැයි 11 දාත් ඉවත් නොකරනු ඇති බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග ප්‍රකාශ කරයි. විශේෂයෙන්ම කොළඹ, කළුතර, ගම්පහ, සහ පුත්තලම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය ඉවත් නොකිරීමට බොහෝ දුරට ඉඩ ඇත. අනෙක් ප්‍රදේශ සඳහා ඇඳිරි නීතිය ලිහිල් කිරීමක් සිදුවනු ඇත. කෙසේ වෙතත් රජයේ කාර්යාල , රජයේ හා පෞද්ගලික  වාණිජ ආයතන, බැංකු සහ…