මැයි 11 දාත් ඇඳිරි නීතිය ඉවත් නොවේ !

දිවයින පුරා ක්‍රියාත්මක වන ඇඳිරි නීතිය මැයි 11 දාත් ඉවත් නොකරනු ඇති බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.
විශේෂයෙන්ම කොළඹ, කළුතර, ගම්පහ, සහ පුත්තලම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය ඉවත් නොකිරීමට බොහෝ දුරට ඉඩ ඇත. අනෙක් ප්‍රදේශ සඳහා ඇඳිරි නීතිය ලිහිල් කිරීමක් සිදුවනු ඇත.
කෙසේ වෙතත් රජයේ කාර්යාල , රජයේ හා පෞද්ගලික වාණිජ ආයතන, බැංකු සහ කර්මාන්ත ශාලා ආදීයේ වැඩ කටයුතු 11 දා සිට ආරම්භ කිරීමට නියමිත නමුත් සේවයට කැඳවනු ඇත්තේ සේවක සංඛ්‍යාවෙන් තුනෙන් එකක පිරිසකි . ඔවුන්ට ඇඳිරි නීති බලපත් නිකුත් කිරීම හෝ රාජකාරි හැඳුනුම්පත් ඇත්නම් ඒවා ඇඳිරි නීති බලපත් ලෙස භාවිත කිරීමට හෝ ඉඩදෙනු ඇත.
වෙළෙඳ ව්‍යාපාර හා ෆාමසි ආදිය විවෘත කර තබනු ඇති නමුත් ඒවා දැඩි පාලනයකට යටත් කෙරෙනු ඇත.
මේ පිලිබඳ වැඩිදුර විස්තර ජනාධිපති කාර්යාලය විසින් ඉදිරි දිනවල නිකුත් කරනු ඇත.
