පාර්ලිමේන්තුව කැඳවන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් අටක්
මැතිවරණය කල් දැමීම නිසා ව්‍යවස්ථාවේ සඳහන් මාස තුනකට වැඩි කාලයක් පාර්ලිමේන්තුව නො කැඳවා සිටීම මගින් මානව අයිතිවාසිකම් කඩ වූ බවට ප්‍රකාශකරන ලෙස ඉල්ලා මුලික අයිතිවාසිකම් පෙත්සම් අටක් අද දින ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත්ව ඇත.
රාවය පුවත්පතේ කර්තෘ වික්ටර් අයිවන්, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ පාක්‍යසෝති සරවනමුත්තු ඇතුළු පෙත්සම්කරුවෝ අටදෙනකු මෙම පෙත්සම් ඉදිරිපත් කොට තිබේ.
