ඇමෙරිකාව දුර්වල වුණත් ලෝක අධිපත්‍යය ගන්න චීනයට බැහැ – ආචාර්ය නිර්මාල් රන්ජිත් දේවසිරි

ලෝක බලවතකු ලෙස දැනටමත් දුර්වල වී සිටින ඇමෙරිකාව කොරෝනා වසංගතය තුළ තවත් දුර්වල වුව ද ලෝක ආධිපත්‍යය ලබා ගැනීමට චීනයට හැකියාවක් නැති බව කොළඹ විශ්ව විද්‍යාලයේ ජෙෂ්ට කථිකාචාර්ය ආචාර්ය නිර්මාල් රන්ජිත් දේවසිරි මහතා ප්‍රකාශ කළේය.
ඇමෙරිකාව සිය ආධිපත්‍යය ( හෙජමොනිය ) ගොඩ නගා ගත්තේ හුදෙක් ආර්ථික බලවතකු වීමෙන් නොව ඒකාධිපතිවාදයට විරුද්ධවීම , පෞද්ගලික නිදහස , ප්රජාතන්ත්රවාදය , මානව හිමිකම් වැනි වටිනාකම් පද්ධතියක් වෙනුවෙන් පෙනී සිටීමෙනි . එමෙන්ම ඔවුන් විසින් ගෝලීය ආයතන පද්ධතියක් ද ගොඩනග ගෙන තිබිණි.
ඔවුන් ඉදිරිපත්කළ වටිනාකම් ඔවුන් විසින් උල්ලංඝනය කොට තිබුණ ද අද දක්වා මොවුන්ගේ හෙජමොනිය පවත්වාගෙන යන්නේ එම වටිනාකම් වෙනුවෙන් පෙනී සිටීම මගිනි.
චීනයට ආර්ථික වශයෙන් ඇමෙරිකාව අභිබවා යා හැකි වුව ද ඔවුන් නියෝජනය කරන වටිනාකම් පද්ධතියක් නැත. චීනයේ පවතින අකාරයේ සමාජයක් ලෝකයේ කිසිම රටක ජනතාවක් ඉල්ලා නොසිටිනු ඇත .මේ නිසා ඔවුන්ට ලෝක ආධිපත්‍යක් ( හෙජමොනියක්) ගොඩ නගා ගැනීමට ඇති ඉඩකඩ ඉතා අල්ප ය.
එබැවින් ඇමෙරිකාවේ හෙජමොනිය දුර්වල වුව ද ඒ වෙනුවට ගොඩනැගෙන්නේ කුමක් ද යන්න තවම අවිනිශ්චිත බව ආචාර්ය නිර්මාල් රන්ජිත් දේවසිරි මහතා කියයි.
‘පශ්චාත් කොවිඩ්: සමාජ දේශපාලන කතිකාව ’ මැයින් කොළඹ විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීටය සංවිධානය කළ අන්තර්ජාල සමුළුවකට සහභාගී වෙමින් ආචාර්ය දේවසිරි මහතා මෙම අදහස් පල කළේ ය.
