කොරෝනා රෝගී අලුත් පොකුරු තුනක් හමුවෙයි

කොවිඩ් 19 රෝගීන්ගේ අලුත්  පොකුරු තුනක් හමු වී ඇති බව සෞඛ්‍ය සේවා ආරංචි මාර්ග කියයි.

කොළඹ රාජගිරිය බණ්ඩාරනායක පුර ප්‍රදේශයෙන් හා කොලොන්නාව ප්‍රදේශයෙන් නව පොකුරු දෙකක් හමු වී ඇත. තෙවන පොකුර සොයාගෙන ඇත්තේ මහනුවර කොලබිස්ස ප්‍රදේශයෙනි  එම පොකුරු තුනට  අයත් ආසාදිත යයි සැකකරන 139 දෙනකු අද දින කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කොට ඇත.

මහනුවර කොලබිස්ස ප්‍රදේශයෙන් පුද්ගලයන් 67ක් , රාජගිරිය බණ්ඩාරනායක පුරයෙන් 27ක් හා කොලොන්නාවෙන් 39ක් ඇතුළු පිරිසක් නිරෝධායනය සඳහා යොමුකොට ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *