තැන තැන ඉදිවන විෂබීජ නාශක කුටි සෞඛ්‍යයට හානිකර විය හැකියි – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්

විවීධ පුද්ගලයින් විසින් නොයෙකුත් ආයතනවල ඉදිකරන විෂබීජ නාශක කුටි මගින් කොරෝනා  වෛරසය මැඩලීමට කුමන හෝ සහයක් ලැබෙන බවට සාක්ෂි නැති බවත් එමගින් සෞඛ්‍යයට අහිතකර ප්‍රතිඵල ඇතිවිය හැකි බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කරයි.

එම කුටි වල දී සියයට 70 ක සාන්ද්‍රනයෙන් යුතු මධ්‍යසාර ශරීරයට ඉසීම සෞඛ්‍යයට අහිතකර විය හැකි බව ජාසිංහ මහතා කියයි.

එමෙන් ම එම කුටි මගින් විෂබීජ හරණය කිරීමෙන් තමන් ආරක්‍ෂිත බවට ව්‍යාජ හැගීමක් ජනතාව තුළ ඇතිවීම ද භයානක බව ජාසිංහ මහතා පෙන්වා දෙයි.

පෞද්ගලික රුපවාහිනි නාලිකාවක වැඩ සටහනකට අද උදේ සහභාගී වෙමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයා මෙම අදහස් පළ කළේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *