එක්නැලිගොඩ අතුරුදන් කිරීම – ත්‍රිපුද්ගල මහාධිකරණයේ නඩුව සැප්තැම්බර් 2 දා සිට විභාගයට
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිදුවීමට අදාලව විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ගොනුකර ඇති නඩුව සැප්තැම්බර් මස 02 වැනිදා සිට විභාගයට ගැනීම ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අද තීරණය කළේය. සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න, ගිහාන් කුලතුංග යන මහාධිකරණ විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව කැඳවා තිබිණි. බුද්ධි අංශ නිළධාරීන් 09 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා…
