එක්සත් ජාතික පක්ෂය සමග සන්ධානයක් නැහැ – රන්ජිත් මද්දුම බණ්ඩාර

එක්සත් ජාතික පක්ෂය සමග සන්ධානයක් නැහැ – රන්ජිත් මද්දුම බණ්ඩාර

එක්සත් ජාතික පක්ෂය සමග සන්ධාන ගතවීමේ අවශ්‍යතාවයක් නැති බව සමගි ජන බලවේගයේ ප්‍රධාන ලේකම් රන්ජිත් මද්දුම බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි . තමන් විපක්ෂයේ කාර්යභාරය හොදින් ඉටුකිරීමට කැපවන බව ද ඒ මහතා කියයි. මැතිවරණ ප්‍රතිඵල නිකුත්වීමෙන් පසු මාධ්‍ය කළ විමසුමකට පිළිතුරු වශයෙන්  ඒ මහතා මේ අදහස් පැවසුවේ ය.

රටම පොහොට්ටුවට

රටම පොහොට්ටුවට

නවවැනි පාර්ලිමේන්තුව සඳහා මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනීම වෙනුවෙන් පෙරේදා (05) පැවැති පාර්ලිමේන්තු මැතිවරණය ජයගනිමින් ශ්‍රී ලාංකේය දේශපාලන වංශ කතාවට නව පරිච්ඡේදයක් එක්ක කරන්නට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ සන්ධානය සමත්ව තිබේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 6,853,693ක් ලබා ගනිමින් මන්ත්‍රී ආසන 145ක් ලබා ගනිද්දී දෙවැනි තැනට පත්ව සිටින සමඟි ජන බලවේගය ඡන්ද 2,771,984ක් ලබාගනිමින් මන්ත්‍රී…

පොහොට්ටුවට විශිෂ්ට ජයක්

පොහොට්ටුවට විශිෂ්ට ජයක්

මහ මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට විශිෂ්ට ජයග්‍රණයක් අත් වී ඇති බව ප්‍රකාශිත චන්ද ප්‍රතිඵල සහ තතු දත් ආරංචි මාර්ග වලින් තහවුරු කරයි . විපක්ෂයේ සියලු පක්ෂ පසුබෑමට ලක්ව ඇති අතර එක්සත් ජාතික පක්ෂයට අත් වී ඇති පරාජය බරපතළ ය. ප්‍රකාශිත පතිඵල අනුව එම පක්ෂයට අත්ව ඇත්තේ සතරවන ස්ථානයයි.

මංගල සමරවීර මහතාගේ ” සැබෑ දේශප්‍රේමියෝ ” මහ මැතිවරණයෙන් පසු කරලියට

මංගල සමරවීර මහතාගේ ” සැබෑ දේශප්‍රේමියෝ ” මහ මැතිවරණයෙන් පසු කරලියට

හිටපු ඇමති මංගල සමරවීර මහතා පාර්ලිමේන්තුවෙන් පිටත ගොඩනගන තම දේශපාලන ව්‍යාපාරය මහ මැතිවරණය අවසන් වූ වහා ම ප්‍රසිද්ධ දේශපාලන කටයුතු ආරම්භ කරන බව තතු දත් ආරංචි මාර්ග කිය යි. මෙම වැඩ පිළිවෙල සැබෑ දේශප්‍රේමියෝ ලෙස නම් කොට ඇති බව ද වාර්තා වෙයි. මංගල සමරවීර මහතා පසුගිය දා ප්‍රකාශ කළේ තමා පාර්ලිමේන්තු දේශපාලනයෙන් සමුගන්නා  නමුත් දේශපාලනයෙන්…

නව පාර්ලිමේන්තුව ලබන 20වනදා රැස්වෙයි

නව පාර්ලිමේන්තුව ලබන විසිවනදා රැස්වීමට අදාළ ගැසට් නිවේදනය ඊයේ (03) මධ්‍යම රාත්‍රියේ නිකුත් කෙරුණි.   ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහ පාර්ලිමේන්තු මැතිවරණ පනතින් පැවරී ඇති බලතල අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මෙම තීරණය ගෙන තිබේ.   ඒ අනුව අතිවිශේෂ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කර ඇත.   මේ අනුව හෙට පැවැත්වෙන මහ මැතිවරණයෙන් පසු නව පාර්ලිමේන්තුව ලබන විසිවනදා රැස්වන…

මානව හිමිකම් කොමිසමේ සභාපතිනි දීපිකා උඩගම ඉල්ලා අස්වෙයි

මානව හිමිකම් කොමිසමේ සභාපතිනි දීපිකා උඩගම ඉල්ලා අස්වෙයි

ශ්‍රී  ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපතිනි ආචාර්ය දීපිකා උඩගම එම තනතුරෙන් ඉල්ලා අස්වන බව දැනුම් දී තිබේ . ඇය සැප්තැම්බර් 1 දා සිට තනතුරෙන් ඉවත් වන බව දැනුම් දී ඇතැයි ව්‍යවස්ථා සභාවේ සභාපති කරු ජයසුරිය මහතා ව්‍යවස්ථා සභාවට දැනුම් දී තිබේ.

එජාපයේ තවත් 37කගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

සමගි ජන බලවේගයට සහය දෙන තවත් එක්සත් ජාතික පක්ෂ පළාත් පාලන නියෝජිතයන් 37 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇත. 

ප්‍රේමලාල් ජයසේකර ඇතුළු තිදෙනෙකුට මරණ දඬුවම

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් අපේක්ෂක හිටපු නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහතා ඇතුළු තිදෙනෙකුට රත්නපුර මහාධිකරණය විසින් මරණ දණ්ඩනය නියම කරයි.   2015 ජනාධිපතිවරණය සමයේ දී  කහවත්ත ප්‍රදේශයේ දී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ප්‍රේමලාල් ජයසේකර මහතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව නඩු පවරා තිබුණි.   සබරගමුව පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වූ නිලන්ත ජයකොඩි සහ…

රහස් පොලිසියේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර අත් අඩංගුවට

රහස් පොලිසියේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර අත් අඩංගුවට

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා කොළඹ අපරාධ කොට්ඨෘසය විසින් අත් අඩංගුවට ගෙන ඇත . තාජුදීන් ඝාතනය , ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන්කිරීම වැනි අපරාධ රාශියක් හෙළිදරවු කරන ලද්දේ ශානි අබේසේකර මහතා විසින් කළ පරීක්ෂනවල ප්‍රතිඵල වශයෙනි . ඒ මහතා අත් අඩංගුවට ගෙන ඇත්තේ ගිනි අවි චෝදනාවක සාක්ෂි සැඟ වූ බව කියමිනි. ගිනි අවි ආඥා…

අවුරුදු 25ක් තිස්සේ අපි රනිල්ට කළ බෙදුම්වාදී චෝදනා වැරදියි – ගම්මන්පිල

අවුරුදු 25ක් තිස්සේ අපි රනිල්ට කළ බෙදුම්වාදී චෝදනා වැරදියි – ගම්මන්පිල

වසර 25ක් තිස්සේ තම පාර්ශ්වය විසින් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට බෙදුම්වාදී චෝදනා එල්ල කිරීම වරදක් බව උදය ගම්මන්පිල මහතා පවසයි. ඊයේ (30) පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේය. “මෙතෙක් කල් අපි රනිල් වික්‍රමසිංහ මැතිතුමාට බරපතළ චෝදනාවක් නැඟුවා, එතුමා තමයි දෙමළ බෙදුම්වාදීන්ව සුරතල් කරන්නෙ මුස්ලිම් අන්තවාදීන්ව සුරතල් කරන්නෙ,…

සජිත් පිලේ ප්‍රබලයින් ඉවත්කිරීම දෙවන අදියරේ දී – එජාප මහ ලේකම්

සජිත් පිලේ ප්‍රබලයින් ඉවත්කිරීම දෙවන අදියරේ දී – එජාප මහ ලේකම්

පසුගිය දා පක්ෂයෙන් ඉවත් කළ නාම ලේඛනයේ නැති සජිත් පිලේ ප්‍රබලයන් පක්ෂයෙන් ඉවත්කිරීම දෙවන අදියරේ දී සිදුකරන බව එජාප මහ ලේකම් අඛිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කරයි. පක්ෂයට එරෙහිවුවන් ඉවත්කිරීම අදියර කිහිපයකින් සිදුකරන බව ඒ මහතා කියයි . සජිත් ප්‍රේමදාස මහතා ඉවත්කිරීම් කුමන අවස්ථාවේ සිදුවනු ඇත්දැයි ස්ථිර ලෙස කිව නොහැකි බව ද කරියවවසම් මහතා ප්‍රකාශ…

ඕනෑම චෝදනාවකට මුහුණ දෙන්න සුදානම් – සජිත්

ඕනෑම චෝදනාවකට මුහුණ දෙන්න සුදානම් – සජිත්

තමන්ට එල්ලකරන ඕනෑම චෝදනාවකට මුහුණදීමට තමන් සුදානම් බවත් ප්‍රේමදාසලා මහජන මුදල් සොරා කා නැති බවත් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේ ය. කොතරම් මඩ ගැහුවත් ප්‍රේමදාසලා ප්‍රේමදාසලා නොසැලෙන බවද ඒ මහතා කී ය. ඊයේ බොරැල්ලේ පැවති රැස්වීමක දී ඒ මහතා මේ බව කී ය.