සජිත් පිලේ ප්‍රබලයින් ඉවත්කිරීම දෙවන අදියරේ දී – එජාප මහ ලේකම්

පසුගිය දා පක්ෂයෙන් ඉවත් කළ නාම ලේඛනයේ නැති සජිත් පිලේ ප්‍රබලයන් පක්ෂයෙන් ඉවත්කිරීම දෙවන අදියරේ දී සිදුකරන බව එජාප මහ ලේකම් අඛිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කරයි.

පක්ෂයට එරෙහිවුවන් ඉවත්කිරීම අදියර කිහිපයකින් සිදුකරන බව ඒ මහතා කියයි .

සජිත් ප්‍රේමදාස මහතා ඉවත්කිරීම් කුමන අවස්ථාවේ සිදුවනු ඇත්දැයි ස්ථිර ලෙස කිව නොහැකි බව ද කරියවවසම් මහතා ප්‍රකාශ කොට ඇත.

සජිත් පිල හා එක්වූ 115 දෙනෙකු එජාපයෙන් ඉවත්කළ බව ඊයේ  ප්‍රකාශයට පත් කළ නමුත් සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු එම කණ්ඩායමේ ප්‍රබලයින්ගේ නම් ඉවත් කළ ලයිස්තුවේ අඩංගු නොවී ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *