අද (12දා ) තවත් කොවිඩ් ආසාදිතයින් 584 ක්

අද (12දා ) තවත් කොවිඩ් ආසාදිතයින් 584 ක්

කොවිඩ් 19 ආසාදිතයින් 584 දෙනකු අද අලුතින් හඳුනාගනු ලැබ ඇත. ඒ අනුව වත්මන් කොවිඩ් දෙවන රැල්ලේ ආසාදිතයින් සංඛ්‍යාව 45,770 ක් දක්වා ඉහළ ගොස් ඇත. මෙරටින් හමු වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 49,490 ක් දක්වා ඉහළ ගොස් තිබේ .

තවත් කොවිඩ් මරණ හතරක්

කොවිඩ් ආසාදිතවීම  නිසා සිදු වූ මරණ හතරක් අද දිනයේ ද වාර්තා වීය . මෙම මරණ වාර්තා වුයේ කොළඹ 13 ,හංවැල්ල , මාතලේ සහ වැල්ලම්පිටිය ප්‍රදේශවලිනි. මෙම මරණ සමග ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 244 කි.

රන්ජන්ගෙන් හිස්වූ මන්ත්‍රී අසුනට අජිත් මාන්නප්පෙරුම

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමණායකට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සිව්වසරක සිර දඬුවම් නියම කිරීම හේතුවෙන් ඔහුගෙන් හිස්වන පාර්ලිමේන්තු මන්ත්‍රී අසුනට ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරඟ කළ හිටපු රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම පත් කෙරෙනු ඇති බවට දේශපාලන ආරංචි මාර්ග පවසයි. පසුගිය වර්ෂයේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී සමගි ජන බලවේගයෙන් ගම්පහ දිස්ත්‍රික්කයට තරඟ කළ අජිත් මානප්පෙරුම මන්ත්‍රීවරයාට මනාප ලයිස්තුවේ 5 වන ස්ථානය හිමිවිය….

කොළඹ කොටස් වෙළෙඳ පොළේ රුපියල් මිලියන 965 ක විදේශ ආයෝජන එක සතියට ආපසු ගිහින්
|

කොළඹ කොටස් වෙළෙඳ පොළේ රුපියල් මිලියන 965 ක විදේශ ආයෝජන එක සතියට ආපසු ගිහින්

කොළඹ කොටස් වෙළෙඳ පොළේ ආයෝජන අතරින් රුපියල් මිලියන 965 ක ශුද්ධ වටිනාකමකින් යුතු විදේශ ආයෝජන ජනවාරි මුල් සතියේ දී ඉවත් කරගෙන ඇති බව වාර්තා වෙයි. එම සතිය තුළ විදේශීය විකිණීම් ප්‍රමාණය රුපියල් මිලියන 1,520 ක් ( බිලියන 1.52 ක් ) ලෙස සටහන් වී ඇති අතර මිල දෙඑඑ ගැනීම් ප්‍රමාණය සටහන් වී ඇත්තේ මිලියන 563.62 ක්…

ඩොලරය රුපියල් 193 යි ; රුපියලේ අගය යළි පහත වැටෙයි

ඩොලරය රුපියල් 193 යි ; රුපියලේ අගය යළි පහත වැටෙයි

ඇමෙරිකානු ඩොලරයක් රුපියල් 193 ක් දක්වා ශ්‍රී ලංකා රුපියලේ අගය යලි පහත වැටී ඇති බව වෙළෙඳපොළ වාර්තා කියයි . පසුගිය සිකුරාදා ඇමෙරිකන් ඩොලරයක් රුපියල් 191 ත් 192 ත් අතර අගයක් වාර්තා කළ අතර ඊයේ එය සටහන් වී ඇත්තේ 192 ත් 193 ත් අතර අගයක් වශයෙනි. දෙසැම්බරයේ දී ඩොලරයක් රුපියල් 194 දක්වා පහත වැටුණු අතර මහ…

රන්ජන් බලා සිටි සිර දඬුවම ලැබේ !

රන්ජන් බලා සිටි සිර දඬුවම ලැබේ !

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට බරපතළ වැඩ සහිත සිව් වසරක සිර දඬුවමක් නියම කොට ඇති බව වාර්තා වෙයි . රන්ජන් රාමනායක මහතා උසාවියට අපහාස කිරීම සම්බන්ධයෙන් පවර තිබු නඩුවේ තීන්දුව දෙමින් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ටාධිකරණ විනිශ්චය මණ්ඩලය මෙම තීන්දුව දී ඇත. මෙම නඩුවෙන් තමාට සිර දඬුවම් හිමිවනු ඇති බව කියමින් රන්ජන් රාමනායක මහතා පාර්ලිමේන්තුවෙන්…

ඊයේ කොවිඩ් මරණ අටක් වාර්තා වෙයි ; එකතුව 240 යි

කොවිඩ් 19 ආසාදනය වීම නිසා සිදු වූ  මරණ 08ක් පිළිබඳ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තොරතුරු තහවුරු කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඊයේ රාත්‍රියේ නිවේදනය කළේය. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් 19 මරණ ගණන 240ක් දක්වා ඉහළ ගොස් ඇත. වැලිකඩ බන්ධනාගාරය , රාජගිරිය ,මට්ටක්කුලිය, කොළඹ 12 , කොළඹ 14, බණ්ඩාරගම , දකුණු කළුතර…

මාස තුනේ කොවිඩ් රැල්ල හතලිස් පන්දහස පන්නයි ; අද එකතුව 568 යි

මාස තුනේ කොවිඩ් රැල්ල හතලිස් පන්දහස පන්නයි ; අද එකතුව 568 යි

පසුගිය ඔක්තෝබර් මස දෙවන සතියේ සිට ආරම්භ වූ කොවිඩ් දෙවැනි රැල්ලේ ආසාදිත සංඛ්‍යාව අද වනවිට හතලිස් පන්දහස ඉක්මවා ගියේ ය. ඒ අද දින එකතු වූ 568 ක සංඛ්‍යාවද සමග ය. මේ වනවිට දෙවැනි කොවිඩ් රැල්ලේ ආසාදිත සංඛ්‍යාව 45,186 කි. මෙරටින් සොයාගත් සමස්ත ආසාදිත සංඛ්‍යාව 48,906 ක් ලෙස සටහන් වෙයි. මිනුවන්ගොඩින් ආරම්භ වූ වත්මන් රැල්ල පසුව…

මන්ත්‍රීවරුන් 31 ක් නිරෝධායනයට ; තවත් අය ගැන පරීක්ෂණ

මන්ත්‍රීවරුන් 31 ක් නිරෝධායනයට ; තවත් අය ගැන පරීක්ෂණ

කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගනු ලැබ ඇති දයාසිරි ජයසේකර ,වාසුදේව නානායක්කාර සහ රවුෆ් හකීම් යන මැති ඇමතිවරුන්ගේ සහ අගමැති සම්බන්ධිකරණ නිලධාරී කුමාරසිරි හෙට්ටිගේ මහතාගේ ආශ්‍රීතයින් ලෙස හඳුනාගෙන ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 31 දෙනකු මේ වනවිට ස්වයං නිරෝධායනය සඳහා යොමුකොට ඇති බව පාර්ලිමේන්තුවේ ආරංචි මාර්ග පවසයි. මන්ත්‍රීවරුන් 15 දෙනෙකු දයාසිරි ජයසේකරගේ සහ රවුෆ් හකීම්ගේ ආශ්‍රීතයින් ලෙස හඳුනාගෙන ඇත….

පිල්ලෙයාන්ට එරෙහි නඩුව අස්කර ගනී

ටී එන් ඒ හිටපු මන්ත්‍රී ජෝසෆ් පරරාජසිංහම් ඝාතනය සම්බන්ධයෙන් සිවනේස තුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ඇතුළු පිරිසට එරෙහිව පවර ඇති නඩුව තවදුරටත් ඉදිරියට ගෙනියන්නේ නැති බව නීතිපති දෙපාර්තමේන්තුව අද මඩකලපුව මහාධිකරණයට දැනුම් දී තිබේ.

කෑගල්ලේ පැනිය ගෙදර දී හදන බව කී වාසුදෙවටත් කොවිඩ් ආසාදනය වෙයි

කෑගල්ලේ පැනිය ගෙදර දී හදන බව කී වාසුදෙවටත් කොවිඩ් ආසාදනය වෙයි

කෑගල්ලේ ධම්මික පැනියේ වට්ටෝරුව තමන් සතුව ද ඇති බවත්, තම නිවසේ දීත් එය නිෂ්පාදනය කරන බවත්, කී වාසුදේව නානායක්කාර ඇමතිවරයාට ද කොවිඩ් 19 ආසාදනය වී ඇති බව අද වාර්තා වී ය. බටහිර විරෝධියකු වන වාසුදේව මහතා කීවේ කෑගල්ලේ පැනිය කොවිඩ් රෝගයෙන් වැළකීම සඳහා සාර්ථක ඖෂධයක් බව යි. ෆයිසර් එන්නත ලබාගත් දෙදෙනෙකු මියගිය බවත් ,කෑගල්ලේ පැනිය…

ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති රවිනාත ආරියවංශට කොවිඩ්

ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති රවිනාත ආරියවංශ මහතා සහ වොෂින්ටන් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තවත් හතර දෙනෙකු කොවිඩ් 19 ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බව වාර්තා වෙයි. මේ වනවිට ඔවුහු  සිය නිවෙස්වල නිරෝධායනය වෙමින් සිටිති. තානාපති කාර්යාලයේ කටයුතු අකණ්ඩව ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇති බව ද නිවේදනය කොට තිබේ.