කෑගල්ලේ පැනිය ගෙදර දී හදන බව කී වාසුදෙවටත් කොවිඩ් ආසාදනය වෙයි

කෑගල්ලේ ධම්මික පැනියේ වට්ටෝරුව තමන් සතුව ද ඇති බවත්, තම නිවසේ දීත් එය නිෂ්පාදනය කරන බවත්, කී වාසුදේව නානායක්කාර ඇමතිවරයාට ද කොවිඩ් 19 ආසාදනය වී ඇති බව අද වාර්තා වී ය.

බටහිර විරෝධියකු වන වාසුදේව මහතා කීවේ කෑගල්ලේ පැනිය කොවිඩ් රෝගයෙන් වැළකීම සඳහා සාර්ථක ඖෂධයක් බව යි.

ෆයිසර් එන්නත ලබාගත් දෙදෙනෙකු මියගිය බවත් ,කෑගල්ලේ පැනිය බිව් කිසිවකු මියගියේ නැති බවත් ,ඒ මහතා මාධ්‍ය අමතා ප්‍රකාශ කළේ ය.

ඒ මහතාට ද කොවිඩ් වැළදීමෙන් වැඩිදුරටත් තහවුරු වන්නේ ඒ මහතාගේ නිවසේ දී නිෂ්පාදනය කළ පැනිය ඒ මහතාටවත් සාර්ථක ප්‍රතිඵල ලබා දී නැති බවයි.

කෙසේ වෙතත්, අපි එතුමාට ඉක්මන් සුවය පතමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *