රන්ජන් බලා සිටි සිර දඬුවම ලැබේ !

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට බරපතළ වැඩ සහිත සිව් වසරක සිර දඬුවමක් නියම කොට ඇති බව වාර්තා වෙයි .

රන්ජන් රාමනායක මහතා උසාවියට අපහාස කිරීම සම්බන්ධයෙන් පවර තිබු නඩුවේ තීන්දුව දෙමින් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ටාධිකරණ විනිශ්චය මණ්ඩලය මෙම තීන්දුව දී ඇත.

මෙම නඩුවෙන් තමාට සිර දඬුවම් හිමිවනු ඇති බව කියමින් රන්ජන් රාමනායක මහතා පාර්ලිමේන්තුවෙන් සමුගැනීමේ කතාවක් කළේ දෙසැම්බර් මස මුල දී ය. දෙසැම්බර් 8 දා තීන්දුව ලැබෙනු ඇතැයි රාමනායක මහතා අපේක්ෂා කළ ද ,කොව්ඩ් තත්ත්වය සහ අධිකරණයේ හටගත් ගින්න නිසා තීන්දුව දීම මේ දක්වා ප්‍රමාද වීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *