ඊයේ කොවිඩ් මරණ අටක් වාර්තා වෙයි ; එකතුව 240 යි

කොවිඩ් 19 ආසාදනය වීම නිසා සිදු වූ  මරණ 08ක් පිළිබඳ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තොරතුරු තහවුරු කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඊයේ රාත්‍රියේ නිවේදනය කළේය.
ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් 19 මරණ ගණන 240ක් දක්වා ඉහළ ගොස් ඇත.
වැලිකඩ බන්ධනාගාරය , රාජගිරිය ,මට්ටක්කුලිය, කොළඹ 12 , කොළඹ 14, බණ්ඩාරගම , දකුණු කළුතර සහ කාතන්කුඩි ප්‍රදේශවලින් මෙම මරණ වාර්තා වී තිබේ.
එම මරණ පසුගිය 06,07,08,10 සහ අද (11) යන දිනවලදී  සිදුව ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු නිවේදනයේ  සදහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *