මාස තුනේ කොවිඩ් රැල්ල හතලිස් පන්දහස පන්නයි ; අද එකතුව 568 යි

පසුගිය ඔක්තෝබර් මස දෙවන සතියේ සිට ආරම්භ වූ කොවිඩ් දෙවැනි රැල්ලේ ආසාදිත සංඛ්‍යාව අද වනවිට හතලිස් පන්දහස ඉක්මවා ගියේ ය. ඒ අද දින එකතු වූ 568 ක සංඛ්‍යාවද සමග ය.

මේ වනවිට දෙවැනි කොවිඩ් රැල්ලේ ආසාදිත සංඛ්‍යාව 45,186 කි.

මෙරටින් සොයාගත් සමස්ත ආසාදිත සංඛ්‍යාව 48,906 ක් ලෙස සටහන් වෙයි.

මිනුවන්ගොඩින් ආරම්භ වූ වත්මන් රැල්ල පසුව කොළඹට ව්‍යාප්ත වූ අතර මේ වනිවිට එය රටේ බොහෝ ප්‍රදේශවලට ව්‍යාප්ත වී තිබේ.

මේ වනවිට පාර්ලිමේන්තුව සහ ජනාධිපති ලේකම් කාර්යාලය ද කොවිඩ් තර්ජනයට ගොදුරු වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *