‘‘රසායනික පොහොර තහනම් ගැසට්ටුව වැරදියි‘‘ – කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්

  රසායනික පොහොර භාවිතය තහනම් කරමින් නිකුත් කරනු ලැබූ ගැසට් නිවේදනය වැරදි උපදෙස් මත සිදුවූවක් බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදිත් කේ. ජයසිංහ මහතා පැවසීය. මේ සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෝ රජය හෝ විෂය භාර අමාත්‍යවරයා වගකිව යුතු නැති බවත්, ඉහළ දේශපාලනාධිකාරීන්ට උපදෙස් ලබාදීමේදී එය නිවැරදි ආකාරයට කළ යුතුව ඇති බවත් ලේකම්වරයා සදහන් කළේය….

අද කොවිඩ් මරණ 18 ක් ; නව ආසාදිතයින් 548 ක්

අද දිනයේ රජය නිල වශයෙන් තහවුරු කොට ඇති කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 18 කි. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 13,525 ක් වශයෙනි. අද දිනයේ හඳුනාගත් නව කොවිඩ් ආසාදිත සංඛ්‍යාව වාර්තා වන්නේ 548 ක් වශයෙනි. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 532,766 ක් ලෙස වාර්තා වී…

රසායනික වල්නාශක, කෘමිනාශක ගෙන්න අවසර දුන්නා – කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය උදිත් ජයසිංහ

වගාවන් සඳහා අවශ්‍ය අනුමත කෘමිනාශක සහ වල්නාශක මෙරටට ගෙන්වීමට අදාළ සමාගම්වලට අවසර දුන් බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදිත් ජයසිංහ මහතා ප්‍රකාශ කරයි. දෙරණ රුපවාහිනී නාලිකාවේ අද දෙරණ “BIG FOCUS” වැඩසටහනට එක්වෙමින් ඒ මහතා මේ බව අනාවරණය කොට තිබේ. නයිට්‍රජන් රසායනිකය අඩංගු නැනෝ නයිට්‍රිජන් පොහොර ශ්‍රී ලංකාවේ ගොවීන්ට ලබා දීමට කටයුතු කොට ඇති බව පැවසු…

බදු මිල අඩුකරන හැටි ආණ්ඩුව දන්නේ නෑ ; දන්නා කෙනෙක් කියලා දෙන්න – ඇමති රෝහිත අබේගුණවර්ධන ඉල්ලයි !

බඩු මිල අඩු කරන ආකාරය තමන් නොදන්නා බවත්, එය දන්නා ආර්ථික ඔස්තාර්ලා ඉන්නවා නම් රජයට කියාදෙන ලෙසත්, ඇමති රෝහිත අබේගුණවර්ධන මහතා ඉල්ලීමක් කොට ඇත. ඒ මහතා කියන්නේ බඩු මිල වැඩි වෙන්නේ ලෝක වෙළෙඳ පොළේ මිල වැඩිවීම අනුව බවයි. ලෝක වෙළෙඳපොළේ මිල වැඩි වෙද්දී මෙරට මිල අඩු කරන ක්‍රමයක් ආණ්ඩුව නොදන්නා බව ඒ මහතා කියයි. බඩු…

මුන් වෙළෙඳපොළ බිඳ වැටේ ; මුන් ගොවියාත් අසරණයි

ඉහළ මිලක් බලාපොරොත්තුවෙන් මුන් වගාවට යොමු වූ ගොවීන් තම නිෂ්පාදන විකුණා ගත නොහැකිව අසරණ වී සිටින බව වාර්තා වෙයි. හම්බන්තොට, මොනරාගල, පොලොන්නරුව සහ අනුරාධපුර දිස්ත්‍රික්ක වල මෙවර සරු මුන් අස්වැන්නක් ලැබී ඇති නමුත් එම අස්වැන්න විකුණා ගත නොහැකි වී තිබේ. මේ නිසා මුන් අස්වනු රජයෙන් මිල දී ගැනීමට දිසාපතිවරුන්ට මුදල් නිකුත්කරන බව කෘෂිකර්ම ඇමති මහින්දානන්ද…

අද කොවිඩ් මරණ 23 යි ; නව ආසාදිතයින් 569 යි

අද දිනයේ තවත් කොවිඩ් මරණ 23 ක් රජය විසින් තහවුරු කරනු ලැබ ඇත. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 13,507 ක් ලෙස සටහන් වී තිබේ. අද දිනයේ වාර්තා කොට ඇති නව කොවිඩ් ආසාදීත් සංඛ්‍යාව 569 කි. මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව මේ වන විට සටහන් වන්නේ 532,217 ක්…

යුරියා තහනම් කළ ආණ්ඩුව දියර යුරියා ( නැනෝ යුරියා ) ගෙන්වයි !

  රසායනික පොහොර ලෙස සලකා යුරියා භාවිතය තහනම් කළ ආණ්ඩුව කාබනික පොහොර සඳහා තවදුරටත් වෙහෙසීම අත්හැර දමා යුරියාවල වැඩි දියුණු කළ සංයෝගයක් ලෙස ඉන්දියාවේ අලුතින් නිෂ්පාදනය කරන ‘නැනෝ යුරියා’ ලෙස හඳුන්වනු ලබන දියර යුරියා පොහාර ගෙන්වා බෙදා හැරීමට කටයුතු කොට ඇත. මෙම පොහොර වර්ගය යුරියා වැඩි දියුණු කරමින් නිෂ්පාදනය කොට ඇත්තේ IFFCO ලෙස කෙටියෙන් හඳුන්වනු…

ගුරු විදුහල්පති සටන අවසන්

ගුරු විදුහල්පති වැඩ වර්ජනය 25 දායින් අවසන් කිරීමට ගුරු විදුහල්පති ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය තීරණය කොට ඇත. රජය කියන පරිදි 21 දා තමන් සේවයට නොඑන බවත් එසේ වුව ද, 25 දා සඳුදා සිට සේවයට වාර්තා කරන බවත්, වෘත්තීය සමිති සන්ධානය අද පැවති මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කළේ ය. තම වැටුප් සටන මෙයින් අවසන් නොකරන බව…

අපි ගොවීන් හමුවෙන්න යන්නේ නැහැ; ගියොත් බැනුම් අහන්න වෙනවා – කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ

තමන් ගොවීන් හමුවෙන්න නොයන බවත් , ගියොත් බැනුම් අහන්න වෙන බව දන්නා බවත්, කෘෂිකර්ම ඇමති මහිදානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කරයි. අනුරාධපුර ප්‍රදේශයේ පළාත් පාලන නියෝජිත හමුවක් අමතමින් ඒ මහතා මේ බව කියා ඇත. කාබනික ගොවිතැන ගැන ගත් තීරණ ක්‍රියාත්මක කිරීම විශාල අභියෝගයක් බව බ ඇමතිවරයා කියා තිබේ. කාබනික ගොවිතැන නිසා වී අස්වැන්න ඉතා අඩු වෙන…

ශ්‍රී ලංකාවට ටෙස්ට් ක්‍රිකට් වරම් දිනා දුන් නායක බන්දුල වර්ණපුර අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ටෙස්ට් තත්ත්වය දිනාගත් ක්‍රිකට කණ්ඩායමේ නායකයා මෙන් ම , ප්‍රථම ටෙස්ට් නායකයා ද වූ බන්දුල වර්ණපුර මහතා අභාවප්‍රාප්ත වී ඇත. කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී ඒ මහතා අභාවප්‍රාප්ත වී ඇත. මිය යන විට ඒ මහතා 68 වැනි වියේ පසුවී ය. ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ටෙස්ට් තරඟවලට සහභාගී වීමේ වරම හිමිකර ගත්තේ…

ආණ්ඩුවේ හවුල්කරුවන්ට ජනාධිපති පලා බෙදයි ; සාකච්ඡාවක්වත් නොදෙයි

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ ජනාධිපති හමුවන්නට අවස්ථාවක් ඉල්ලාතිබිය දී ජනාධිපතිතුමා එය ලබා දී නැති බවත්, ජානාධිපතිතුමගේ එම හැසිරීම ගැන හවුල්කාර පක්ෂ දැඩි කලකිරීමට පත්ව ඇති බවත් වාර්තා වෙයි. යුගදනවී බලාගාරයේ කොටස් ඇමෙරිකාවේ සමාගමකට විකිණීමේ ගිවිසුම ගැන කතා කිරීමට ශ්‍රීලනිප, ජානිපෙ, පිවිතුරු හෙළ උරුමය, ලංකා සමසමාජ පක්ෂය, ශ්‍රි ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ ඇතුළු පක්ෂ 11…

රෑට යුරියා යොදා දවල්ට කාබනික යෙදු රතන හිමිගේ ප්‍රෝඩා ගොවිතැන ගොවියෝ හෙළිකරති

කාබනික ගොවිතැන සාර්ථක බව පෙන්වීමට ගොවිතැනට රෑට යුරියා යොදා උදේට කාබනික පොහොර යොදන ලෙස අතුරලියේ රතන හිමියන් තමන්ට උපදේශ දුන් බව මාදුරු ඔය ගොවීන් ජනමාධ්‍ය ඔස්සේ හෙළිකර ඇත. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අනුග්‍රහය යටතේ රතන හිමියන් ක්‍රියාත්මක කළ කාබනික වගා ව්‍යාපෘතියේ දී මෙය සිදු වූ බව කියති. මාදුරු ඔය ප්‍රදේශයේ එම ගොවිතැන ක්‍රියාත්මක වී…