අපි ගොවීන් හමුවෙන්න යන්නේ නැහැ; ගියොත් බැනුම් අහන්න වෙනවා – කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ

තමන් ගොවීන් හමුවෙන්න නොයන බවත් , ගියොත් බැනුම් අහන්න වෙන බව දන්නා බවත්, කෘෂිකර්ම ඇමති මහිදානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කරයි.
අනුරාධපුර ප්‍රදේශයේ පළාත් පාලන නියෝජිත හමුවක් අමතමින් ඒ මහතා මේ බව කියා ඇත.
කාබනික ගොවිතැන ගැන ගත් තීරණ ක්‍රියාත්මක කිරීම විශාල අභියෝගයක් බව බ ඇමතිවරයා කියා තිබේ.
කාබනික ගොවිතැන නිසා වී අස්වැන්න ඉතා අඩු වෙන නිසා මාස් කන්නයේ වී සඳහා රුපියල් 70 ක් අවම මිලක් දීමට ජානධිපතිතුමා එකඟ වී ඇති බව ද ඒ මහතා පැවසීය.
මේ අතර සහල් නිෂ්පාදකයින්ගේ සංගමය අද පැවති මාධ්‍ය හමුවක දී පවසා ඇත්තේ වී නිෂ්පාදනය අඩු වී ඇති නිසා ඉදිරි කාලයේ සහල් මිල සියයට 50 කින් පමණ ඉහළ යා හැකි බව යි.
