මුන් වෙළෙඳපොළ බිඳ වැටේ ; මුන් ගොවියාත් අසරණයි

ඉහළ මිලක් බලාපොරොත්තුවෙන් මුන් වගාවට යොමු වූ ගොවීන් තම නිෂ්පාදන විකුණා ගත නොහැකිව අසරණ වී සිටින බව වාර්තා වෙයි.

හම්බන්තොට, මොනරාගල, පොලොන්නරුව සහ අනුරාධපුර දිස්ත්‍රික්ක වල මෙවර සරු මුන් අස්වැන්නක් ලැබී ඇති නමුත් එම අස්වැන්න විකුණා ගත නොහැකි වී තිබේ.

මේ නිසා මුන් අස්වනු රජයෙන් මිල දී ගැනීමට දිසාපතිවරුන්ට මුදල් නිකුත්කරන බව කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කොට ඇත.

දේශීය මුන් වගාව නැංවීමට කියා රජය මුන් ආනයනය තහනම් කොට ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස මුන් කිලෝව රුපියල් 800 දක්වා ඉහළ ගිය අතර එම මිලට ගෙන මුන් පරිභෝජනය කිරීමට සාමාන්‍ය ජනයාට හැකියාවක් නැති නිසා වෙළෙඳපොළ සීමා වී ඇත. වේ වනවිට තත්ත්වය වන්නේ මුන් පරිභෝජනය ඉහළ පන්තිකයින්ට සීමා වීම යි.

දැන් තත්ත්වය වී ඇත්තේ මුන් මිල දී ගැනීමට ද රජයට මැදිහත්වීමට සිදුව තිබීම යි.

ආනයන සීමා කිරීමෙන් දේශීය නිෂ්පාදනය නැංවීමේ ආණ්ඩුවේ මතවාදය ආසාර්ථක බවට මෙය ද එක් නිදර්ශනයක් බව ආර්ථික විද්‍යාඥයෝ කියති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *